
රටේ ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ (BOC) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි එකම කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 5 ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර ඇත. පසුගිය වසර තුළ පෙන්නුම් කළ සුවිශේෂී මූල්‍ය කාර්යසාධනයෙන් පසුව, ජාතික ආර්ථිකයට සහාය වීම සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම මෙම තීරණය මගින් පිළිබිඹු වේ.
මෙම දායකත්වය පිළිබඳ නිල දැන්වීම 2025 ජූලි 03 වන දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදී.
මේ අවස්ථාව සදහා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් දිලිප් සිල්වා මහතා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කුමාර මහතා, ලංකා බැංකු සභාපති කාවින්ද ද සොයිසා මහතා, සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා සහ ප්‍රධාන මූල්‍ය නිළධාරී රුවන් කුමාර මහතා සහභාගි විය.