කොමර්ෂල් බැංකුවට සහ කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංගට සම්මාන

Spread the love

ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙසද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග, හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන කීර්‌තිමත් සම්මාන දෙකක් කොමර්ෂල් බැංකුවට පිරිනමා ඇත.

2022-2024 කාල පරිච්ජේදය වෙනුවෙන් මේ සම්මාන පිරිනමන ලද්දේ, ආසියා ශාන්තිකර කලාපයේ මූල්‍ය සේවා කර්මාන්තයේ වෘත්තිකයන්ගේ විශාලතම වාර්ෂික රැස්වීම වන ආසියානු බැංකුකරුවන්ගේ සමුළුවේ 2025 සංස්කරණයට සමගාමිව ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති අතිඋත්කර්ෂවත් ඒෂියන් බෑන්කර් ගෝලීය නායකත්ව ජයග්‍රහණ සම්මාන උලෙළේදීය. ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරී සම්මානය මඟින් අස්ථාවර කාල පරිච්ජේදයකදී මනතුංග මහතා පෙන්වූ දූරර්දර්ශී නායකත්වය අගය කරනු ලබයි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *