NDB බැංකුව මඟින් පිරිනමනු ලබන ‘Super Rates, Super Savings’ සීමිත කාලීන ස්ථාවර තැන්පතු දීමනාව 

Spread the love

ගනුදෙනුකරුවන්ට ඉහළ ප‍්‍රතිලාභයක්  සහ ඔවුන්ගේ ඉතුරුම් සඳහා වේගවත් වර්ධනයක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති සුවිශේෂී දින 100 සහ 200 ස්ථාවර තැන්පතු ක‍්‍රමය හඳුන්වා දීම පිළිබඳ NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. 2025 දෙසැම්බර් දක්වා සීමිත කාලයක් තුළ ක‍්‍රියාත්මක වන මෙම නව හඳුන්වා දීම ස්ථාවර තැන්පතු සඳහා වෙලඳපලේ ඇති තරඟකාරී දීමනා වලට සමගාමීව ඉහළ පොලී අනුපාතයක් ලබා දෙයි.

ගනුදෙනුකරුවන්ට කෙටි කාලීන, ඉහළ ඵලදායී  විකල්ප දෙකක් අතරින් වඩාත් ගැළපෙන විකල්පය තෝරා ගැනීමට නම්‍යශීලී අවස්ථාවක් ලබා දෙමින්, දැන් දින 100ක් සඳහා 8%ක සහ දින 200ක් සඳහා 8.25%ක ආකර්ශණීය පොලී අනුපාත භුක්ති විඳීමේ හැකියාව පවතියි.

දිනෙන් දින වර්ධනය වන වර්ථමාන මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ ස්ථාවරත්වය, ද්‍රවශීලතාවය සහ තරඟකාරී ප‍්‍රතිලාභ සොයන පුද්ගලයින්ට කදිම අවස්ථාවක් උදාකර දෙමින් NDB බැංකුවේ   “Super Rates, Super Savings” පිරිනැමීම සමඟින්, ගනුදෙනුකරුවන්ට වඩාත් විශ්වාසයෙන් යුතුව තම අරමුදල් සුරක්ෂිත කර ගනිමින් කෙටි කාලීන ආයෝජන සැලැස්මක් තුළ වේගවත් ප‍්‍රතිලාභ අත්විඳිමේ හැකියාව පවතියි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස, NDB බැංකුව ආරක්ෂාව, නම්‍යශීලීභාවය සහ වර්ධනය ඒකාබද්ධ කරමින් විවිධ ඉතුරුම් සහ ආයෝජන විසඳුම් හරහා සිය ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා නිබඳවම කැපවී සිටියි.

NDB බැංකුවේ සුවිශේෂී දින 100 සහ 200 ස්ථාවර තැන්පතු සමඟ අදම ඔබේ මුදල් සුරක්ෂිත කර ඔබේ ඉතුරුම් වේගයෙන් වර්ධනය කරගන්න. වැඩි විස්තර සඳහා, ඔබේ ළඟම ඇති NDB ශාඛාවට පිවිසීමෙන් හෝ 011 2 448 888 යන අංකයට ඇමතීමේන් ලබාගත හැක.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *