සෙලාන් බැංකුව සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වන වසරටත් අලුත් කෙරේ

Spread the love

සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වන වසරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. මේ සඳහා වන ගිවිසුමට කොළඹ පිහිටි සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තබන ලද අතර, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙම හවුල්කාරීත්වය සැලසුම් කර ඇත්තේ අපනයන ක්ෂේත්‍රය දිරිගැන්වීම, විදේශ විනිමය ඉපැයුම් වැඩි කිරීම සහ රටේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම යනාදී අරමුණු මුල් කර ගනිමිනි. මේ ඔස්සේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනමමින්, ඔවුන්ට අලුතින් ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට මෙන්ම තම ගෝලීය ආවරණ පරාසය තවදුරටත් පුළුල් කරගැනීමට අත්වැලක් වීමට සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි.

“විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව රටේ ආර්ථිකයේ ජීවනාලිය වන අපනයන ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට අපි කැප වී සිටිනවා. ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමග අප පවත්වාගෙන යන මේ දීර්ඝකාලීන හවුල්කාරීත්වය, අපනයනකරුවන්ට විදේශීය වෙළඳපොළ ජයගනිමින් ජාතික ආර්ථිකයට දායක වීමට අත්වැලක් වීම සඳහා අප දක්වන උනන්දුවට මනා සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා පැවසීය.

“අපගේ සාමාජිකයන්ගේ දියුණුව වෙනුවෙන් නව අවස්ථා උදාකර දීමට අප සෑම විටම උත්සාහ කරනවා. සෙලාන් බැංකුව සමග ඇතිකරගෙන තිබෙන හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීම එහි එක් පියවරක්. මෙමගින් අපගේ සාමාජිකයන්ට ගෝලීය වශයෙන් තරගකාරී වීමට වැදගත් වන විශේෂ මූල්‍ය සේවාවන් සහ නිසි මගපෙන්වීම ලබාදීමට මෙන්ම ඔවුන්ගේ දියුණුවට වැදගත් වන විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අපට හැකි වී තිබෙනවා.”  ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ මහලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී ෂිහාම් මරික්කාර් මහතා පැවසීය.

“සෙලාන් බැංකුව සහ අප අතර පවතින හවුල්කාරීත්වය අලුත් කෙරෙන්නේ අපනයනකරුවන්ට අතිශයින් වැදගත් මොහොතකයි. ඔවුන් මේ වන විට ගෝලීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන මූල්‍ය විසඳුම් ලබාගැනීමට හැකි වීම මගින් ඔවුන්ට එම අභියෝග ජයගනිමින් නව වෙළඳපොළවල් කරා පිවිසීමට හැකියාව ලැබේවි. එමෙන්ම එය ශ්‍රී ලංකාව තුළ වඩාත් ශක්තිමත් සහ අභියෝගවලට ඔරොත්තු දිය හැකි අපනයන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනවා. ගෝලීය වෙළඳාම තුළ දීර්ඝකාලීන තිරසාරත්වය සහ තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා මෙවැනි හවුල්කාරීත්වයන් ඉතාමත් වැදගත්.” ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සභාපති ඉන්ද්‍ර කෞෂාල් රාජපක්ෂ මහතා පැවසීය.

ජාතික අපනයන මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් නියෝජනය කරන එකම මණ්ඩලය වන අතර, මෙම ගිවිසුම මගින් එහි සාමාජිකයන්ට සෙලාන් බැංකුව වෙතින් සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමි වේ. එමෙන්ම රටේ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයීමට ලක්කරන ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ වාර්ෂික සම්මාන උළෙල වැනි වැඩසටහන්වලට සෙලාන් බැංකුව සක්‍රීයව දායක වීමද රටේ අපනයන ක්ෂේත්‍රයේ උන්නතියට ලැබෙන තවත් මහඟු අත්වැලකි.

හුදෙක් මූල්‍ය සේවාවන්ට පමණක් සීමා නොවන මෙම හවුල්කාරීත්වය, දැනුම හා නවෝත්පාදන හුවමාරු කරගැනීම මෙන්ම අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා අගනා වේදිකාවක් සපයයි. අපනයනකරුවන්ට අවශ්‍ය දැනුම හා සම්පත් පිරිනැමීම තුළින් මෙම හවුල්කාරීත්වය මෙරට අපනයන ව්‍යාපාරවල දියුණුවට අවස්ථා රාශියක් උදා කර දෙන අතර, ඒ ඔස්සේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කරමින් ගෝලීය වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙයි.

මෙම හවුල්කාරීත්වය නැවත අලුත් කිරීම, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන අතරම රටේ විදේශ විනිමය ඉපැයුම් වර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය දරන සාමූහික ප්‍රයත්නය තවදුරටත් ශක්තිමක් කිරීමේ පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *