
2025 වසරේ ජූලි සිට 2026 වසරේ ජූලි දක්වා කාල සීමාව සඳහා ‘Great Place to Work CertifiedTM’ යන පිළිගැනීම නැවත වරක් හිමිකරගත් බව NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. එලෙසම ප‍්‍රමුඛ පෙලේ සේවා යෝජකයෙකු ලෙස සහ මෙම ගෞරවනීය ඇඟයීම 3 වතාවක් හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ එකම දේශීය බැංකුව බවට පත්වෙමින් ඔවුන්ගේ ඇති විශිෂ්ඨත්වය මෙමඟින් තහවුරු කරයි.
මෙම සුවිශේෂී ඇඟයීම පදනම් වී ඇත්තේ සේවා ස්ථානයේ සංස්කෘතිය සහ විශ්වාසය පිළිබඳ සේවක අත්දැකීම් තක්සේරු කරන ගෝලීය වශයෙන් ප‍්‍රමිතිගත නිර්ණායක භාවිතා කරමින්, ස්වාධීන පාර්ශවයක් වන Great Place To Work® Sri Lanka විසින් පුළුල් ලෙස සිදුකරන ලද සේවක සමීක්ෂණ ඇඟයීමක් හරහා එකතු කරන ලද තොරතුරු මඟිනි.
NDB බැංකුව Great Place To Work® Culture AuditTM ඇඟයීමට ද සම්බන්ධ වූ අතර එයට මානව කළමනාකරණ මුලපිරීම් පිළිබඳ පුළුල් විගණනයක් ඇතුළත් විය. එහි මූලික අරමුණ වූයේ සියලූදෙනා ඇතුළත් සේවා පරිසරයක්, සේවක අරමුණු සාක්ෂාත් කරගැනීම සහ ඔවුන්ගේ අඛණ්ඩ සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙන සේවා ස්ථාන සංස්කෘතියක් පෝෂණය කිරීමේදී පුද්ගල භාවිතාවන්හි කාර්යක්ෂමතාව මැන බැලීමයි.
මෙම සුවිශේෂී ඇඟයීම පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා ප‍්‍රකාශ කලේ ‘නැවත වරක් Great Place To Work CertifiedTM ඇඟයීම හිමිවීම පිළිබඳව අපි ඉතා ආඩම්බර වෙනවා, ඒ වගේම තුන් වතාවක් මෙම ගෞරවය ලැබූ පළමු දේශීය බැංකුව වීම පිළිබඳව ද අපි සතුටු වෙනවා. NDB බැංකුවේ අපගේ සියලූ සාර්ථකත්වයන්ගේ හදවත අපගේ සේවක කණ්ඩායම බව අපි විශ්වාස කරනවා. සහයෝගීතාවය, විශ්වාසය, විවිධත්වය සහ ගෞරවය සෑම සේවකයෙකුටම සමෘද්ධිමත් වීමට සවිබල ගන්වන සේවා සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා අපගේ ඇති නොසැලෙන කැපවීම මෙම ඇඟයීම මඟින් තහවුරු කරනවා. එය හුදු සේවා ස්ථානයකින් ඔබ්බට යමින්, සේවක සාමාජිකයන්ගේ සංවර්ධනය වන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන සහ ඒ වෙනුවෙන් ප‍්‍රමුඛත්වය ලබාදෙන ආයතනයක් බවට තහවුරු කරනවා’ ලෙසයි.
NDB බැංකුවේ සේවක අත්දැකීම් හැඩගස්වා ඇත්තේ විවෘත සංවාද කුසලතා මත පදනම් කරගත් සේවක ප‍්‍රගතිය, පුද්ගලික යහපැවැත්ම සහ සියලූදෙනා ඇතුළත් නායකත්වය දිරිමත් කරන සංස්කෘතියක් මඟිනි. සෑම කණ්ඩායම් සාමාජිකයෙකුටම සවන් දීම සහ අගය කිරීම සහතික කරන වෘත්තීය සංවර්ධනය, ඩිජිටල් සාක්ෂරතාවය, නායකත්ව සංවර්ධනය සහ සේවකයන් ඇඟයීමේ වැඩසටහන් සඳහා බැංකුව අඛණ්ඩව ආයෝජනය කර ඇත.
Great Place to Work® වෙතින් ලැබුණු මෙම නවතම ඇඟයීම, ඩිජිටල් නවෝත්පාදනයන් සඳහා ප‍්‍රමුඛත්වය දීමේ සිට තිරසාරභාවය සහ මූල්‍ය ඇතුළත් කිරීමේ මුලපිරීම් පුළුල් කිරීම දක්වා NDB බැංකුව මෙතෙක් ලබා ඇති ජයග‍්‍රහණ අතරට එකතු වෙයි. NDB බැංකුව හිමිකරගන්නා ජයග‍්‍රහණ එහි සේවක මණ්ඩලයේ ශක්තිය සහ ඔවුන් දිනපතා එක්ව නිර්මාණය කරන සේවා සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇත.
NDB බැංකුවේ ඉදිරි දැක්ම දෙස බලන විට, සේවක සහභාගීත්වය, සේවා ස්ථාන විශිෂ්ටත්වය සහ අරමුණු පෙරදැරි කරගත් නායකත්වය යන අංශ වල නව සීමා මායිම් සලකුණු කිරීම කෙරෙහි බැංකුව කැපවී සිටින අතර, විශිෂ්ට බැංකුවක් වීම ආරම්භ වන්නේ වැඩ කිරීම සඳහා උචිත විශිෂ්ට සේවා ස්ථානයක් වීමෙන් බව නැවත වරක් ඔප්පු කරයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.
