ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලෝක අලෙවිකරණ සංසද සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දරයි

Spread the love

ශ්‍රී ලංකාව ප්‍රථම වරට කීර්තිමත් ලෝක අලෙවිකරණ සංසදයේ (WMF) සම්මන්ත්‍රණය සඳහා සත්කාරකත්වය දරන බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) නිවේදනය කරයි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, මෙම සන්ධිස්ථානය රටට තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන අතර, ලෝක මට්ටමේ සම්මන්ත්‍රණ, ගෝලීය අලෙවිකරණ අංශයේ නායකත්වය සහ දේශසීමා සහයෝගීතාව සඳහා විශ්වාසදායක සහ සුදුසුම මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය තව දුරටත් ශක්තිමත් කරයි.

2025 නොවැම්බර් 11 සිට 16 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත මෙම සංසදය, ආසියාව, යුරෝපය, අප්‍රිකාව, ඇමරිකාව සහ ඕෂනියාව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංගම් 50 කට අධික සංඛ්‍යාවක ජ්‍යෙෂ්ඨ අලෙවිකරණ වෘත්තිකයන්, කර්මාන්ත නායකයින්, ගෝලීය සංස්ථා, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආයෝජකයින් එක් කරනු ඇත.

මෙම උත්සවයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් SLIM හි සභාපති මහාචාර්ය ජයන්ත දේවසිරි මහතා මෙසේ පැවසීය:

“ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලෝක අලෙවිකරණ සංසදය පැවැත්වීම තුළින් අප ජාතියක් වශයෙන් අපගේ පරිමාව පිලිබඳවත් අලෙවිකරණ ක්ෂේත්‍රය පිලිබඳව අපට ඇති විශේෂීබවත් පෙන්නුම් කරයි. මෙය ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළ නැංවීමට පමණක් නොව, දේශීය අලෙවිකරණ සහයෝගීත්වය ගෝලීය වශයෙන්  වැළඳ ගැනීමට පොළඹවන අතරම, අපගේම නවෝත්පාදන සහ සාර්ථක වපසරියන් ලෝකයට ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරනු ඇත.”

ව්‍යාපෘති සභාපති අසංක පෙරේරා මහතා මෙම ජයග්‍රහණය ජාතික ජයග්‍රහණයක් සහ සංස්කෘතික සන්ධිස්ථානයක් සඳහන් කළේය:

“මෙම ගෝලීය වේදිකාව ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. වෘත්තීකයන්ගේ රැස්වීමක් වීමට අමතරව, මෙම සංසදය අපගේ රටේ රසය, එහි පොහොසත් සංස්කෘතිය සහ එහි අතිමහත් හැකියාවන් ලෝකයට ඉස්මතු කරනු ඇත. ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ අද්විතීය ශක්තීන් ප්‍රදර්ශනය කිරීමට එය අවස්ථාවක් වනු ඇත”

පුළුල් ගෝලීය සහභාගීත්වය සහ සත්කාරක ව්‍යුහය නිසා ඉදිරි වසර 70 තුළ WMF නැවත සත්කාරකත්වය දැක්වීමට රටට අවස්ථාවක් නොලැබෙන බැවින්, මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබීම දුර්ලභ හා වැදගත් අවස්ථාවකි. නිරන්තරයෙන් වෙනස් වන අලෙවිකරණ කර්මාන්තයේ හැකියාවන් සහ ගෝලීය වශයෙන් මෙම වෘත්තිය ඉදිරියට ගෙන යාම සඳහා කැපවීම ප්‍රදර්ශනය කිරීමට මෙය මහඟු අවස්ථාවක් වේ.

2025 ලෝක අලෙවිකරණ සංසදය, විවිධ සංස්කෘතික හා ආර්ථික සන්දර්භයන්ගෙන් පැමිණි ප්‍රමුඛ වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන දේශන, මණ්ඩල සාකච්ඡා, සම්මාන උත්සව සහ සම්මුඛ සාකච්ඡා අවස්ථා ඇතුළත් වැඩසටහන් රාෂියකින් සමන්විත වේ.

ඒ අනුව එහි වැඩසටහන් පෙලගැස්ම මෙසේය,

  • නොවැම්බර් 11 – නියෝජිතයින්ගේ පැමිණීම සහ පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය
  • නොවැම්බර් 12 (සම්මේලන දිනය 1) – SLIM සහ රජයේ නායකයින්ගේ ආරම්භක දේශන, මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ ප්‍රධාන දේශනය, ඉන්පසු මෙහෙයුම් විශිෂ්ටත්වයනිර්මාණාත්මක නවෝත්පාදනය සහ ගෝලීය කළමනාකරණ පිළිවෙත් පිළිබඳ සැසි.
  • නොවැම්බර් 13 (සම්මේලන දිනය 2) – ශ්‍රී ලංකාවේ වෙළඳ නාම ගමන්මග, අලෙවිකරණ භාවිතයන්හි පරිවර්තනය සහ යුරෝපයඅප්‍රිකාවඑක්සත් රාජධානියඋතුරු ඇමරිකාව සහ ලතින් ඇමරිකාවේ ගෝලීය ඉදිරිදර්ශන කෙරෙහි අවධානය යොමු කිරීම, ආසියානු අලෙවිකරණ විශිෂ්ටතා සම්මානආසියානු තරුණ ව්‍යවසායකත්ව අභියෝගතා සම්මාන සඳහා සම්මානසහ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන සමඟ අවසන් වේ.
  • නොවැම්බර් 14 (සම්මේලන දිනය 3) – BMICH හිදී 2025 ආසියානු කර්මාන්ත ප්‍රදර්ශනය සහ කොළඹ කොටස් වෙළඳපොලේ සීනුව නාද කිරීමේ උත්සවය, ඉන්පසු සමාප්ති රාත්‍රී භෝජන සංග්‍රහය.
  • නොවැම්බර් 15 – ශ්‍රී ලංකාවේ උරුමයසංස්කෘතිය සහ ආගන්තුක සත්කාරය ප්‍රදර්ශනය කරමින් මහනුවර හෝ ගාල්ල වෙත විකල්ප සංස්කෘතික චාරිකා.
  • නොවැම්බර් 16 – සැසියේ සමාප්තිය සහ නියෝජිතයන්ගේ පිටත් වීම.

ජාත්‍යන්තර ආයෝජකයින් 150 කට අධික සංඛ්‍යාවක්, සංගම් 50+ ක් සහ ලොව පුරා නියෝජිතයින් සමඟින්, WMF 2025 මඟින් වෘත්තීය සහයෝගීතාව ශක්තිමත් කරනවා පමණක් නොව අපනයන, වෙළඳාම, ආයෝජන සහ සංස්කෘතික හුවමාරුව සඳහා අවස්ථා ද ලබා දෙනු ඇත. නියෝජිතයින්ට ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමය, විචිත්‍රවත් සංස්කෘතිය සහ ලෝක ප්‍රසිද්ධ ආගන්තුක සත්කාරය අත්විඳිමට හැකිවනු ඇති අතර ගෝලීය ව්‍යාපාර සහ අලෙවිකරණ නායකත්වයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ශ්‍රී ලංකාව ජාතියේ විශ්වාසය තවදුරටත් තහවුරු කරයි.

WMF 2025 වැඩසටහන සඳහා යුනිලීවර්, කොළඹ කොටස් හුවමාරුව, අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතනය, ලංකා බැංකුව සහ සන්ෂයින් හෝල්ඩින්ග්ස් ඇතුළු කීර්තිමත් ආයතනවල අභිමානවත් සහයෝගය හිමි වේ.

WMF 2025  ගෙන ඒම මගින්, අලෙවිකරණය තුළින් ආර්ථික සමෘද්ධිය කරා ජාතියේ උත්සාහයන් මෙහෙයවීමේ සිය මෙහෙවර SLIM නැවත තහවුරු කරයි. ගෝලීය අලෙවිකරණ සංවාදවල වටිනා සහ බලගතු හඬක් ලෙස ශ්‍රී ලංකාව ඉස්මතු වීම ද මෙමගින් තහවුරු කරයි.

source:adaderana.lk

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *