
තිරසාරභාවය සහ ආර්ථික ප්‍රගතිය සඳහා වූ සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව, ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් අතර සූර්යය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ “ E-Friends II” ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රමය යටතේ විශේෂ පහසුකමක් හඳුන්වා දී ඇත. ව්‍යාපාරවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් පිරිසිදු බලශක්ති විසඳුම් වෙත යොමු වීමට පහසුකම් සලසන මෙම මුලපිරීම, පුනර්ජනනීය බලශක්තිය වඩාත් දැරිය හැකි මිලකට පහසුවෙන් ලබා ගනීම සඳහාම සැලසුම් කර ඇත.
ඉහළ යන බලශක්ති පිරිවැය සහ පාරිසරික අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පුනර්ජනනීය බලශක්තිය සඳහා ඇති ඉල්ලූම වර්ධනය වන විට, E-Friends II සූර්යය බලශක්ති ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රමය මඟින් ව්‍යාපාර වලට සූර්යය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය මූල්‍යමය සහය ලබා දේ. මෙම පහසුකම යටතේ රුපියල් මිලියන 10 දක්වා 6.5% ක ඉහළ තරඟකාරී පොලී අනුපාතයක් යටතේ වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් සහිතව මෙම ණය පහසුකම ලබාගත හැක. ව්‍යාපාරවලට 50KW දක්වා සූර්යය බලශක්තිය ස්ථාපනය කළ හැකි අතර, එමඟින් ඔවුන්ගේ කාබන් භාවිතාව අඩු කරමින් පිරිවැය අඩු කිරීම සඳහා ප්‍රායෝගික සහ තිරසාර මාර්ගයක් ලබා දේ.
සූර්යය බලශක්තිය යොදා ගැනීමෙන් ව්‍යවසායකයින් දිගුකාලීන බලශක්ති ඉතිරි කිරීම් ලබා ගැනීම පමණක් නොව, රටේ හරිත සංක්‍රාන්තියට අර්ථවත් දායකත්වයක් ද ලබා දේ. පරිසර හිතකාමී භාවිතයන් ක්‍රියාත්මක කිරීමට, ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ ගෝලීය තිරසාර ප්රවණතා සමඟ පෙළගැසීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් සඳහා මෙම යෝජනා ක්‍රමය වඩාත් සුදුසුය.
NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍යම වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ උප සභාපති ඉන්දික රණවීර මහතා මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ‘පාරිසරික වශයෙන් වගකිවයුතු ව්‍යාපාරික පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් වන සූර්යය බලශක්ති භාවිතයට සහය වීම සඳහා E-Friends II ප්රතිමූල්ය ණය යෝජනා ක්‍රමය දීර්ඝ කිරීමට ලැබීම ගැන NDB බැංකුවේ අපි ඉතා ආඩම්බර වන බවත්, ඒ හරහා, ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීමට, පුනර්ජනනීය නොවන සම්පත් මත යැපීම අඩු කිරීමට සහ තිරසාර වර්ධනයක් සඳහා යොමුවීමට ව්‍යවසායකයින් සවිබලගැන්වීම අපගේ අරමුණ බවත්ය.
පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණ ප්‍රවේශය සමඟින්, බාධාවකින් තොරව ණය අයදුම් කිරීමේ සහ මුදල් ලබා දීමේ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා NDB බැංකුව සූදානමින් සිටියි. බැංකුවේ පුළුල් ශාඛා ජාලය සහ කැපවූ නිලධාරීන්ගේ සහය ඇතිව, රට පුරා සිටින ව්‍යවසායකයින්ට සූර්යය බලශක්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ උපදෙස් සහ ගැළපෙන මූල්‍ය විසඳුම් ලබා ගත හැකිය.
සූර්යය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට සහ පිරිසිදු, වඩාත් පරිසර හිතකාමී හා වඩාත් ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීම සඳහා මෙම කාලෝචිත අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබාගන්නා ලෙස NDB බැංකුව ව්‍යවසායකයින්ට ආරාධනා කරයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. ප්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.
