
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවයිනේ දකුණ ,බස්නාහිර සහ සබරගමුව පලාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීන් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් පසුගිය (03) දා අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම සාකච්ඡාවේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ අපනයන දිශානතිය පිළිබඳ අපනයන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීම, අපනයන ඉලක්කයන් හා ප්‍රාදේශීය සංවර්ධන උපාය මාර්ග සාකච්ඡා කිරීම, සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ විවිධ අංශවල කාර්යභාරයන් පිළිබදව අපනයන සංවර්ධන නිලධාරීන් පුළුල්ව දැනුවත් කිරීමයි.
මෙම හමුවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ,අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා,වැඩබලන අධ්යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා ඇතුළු අධ්යක්ෂවරුන්,නිලධාරීන් සහ දිවයිනේ දකුණ ,බස්නාහිර සහ සබරගමුව පලාත් ආවරණය කරමින් සේවය කරන අපනයන සංවර්ධන නිලධාරීන් සහභාගී වූහ.
