COYLE සහ JETRO එක්ව ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන 2025 දියත් කරයි

Spread the love

ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව, සංවිධානය කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2025 (SLCHPA) උළෙල පසුගිය දා කොළඹ දී නිවේදනය කරන ලදී.

තෙවන වරටත් මෙවර මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර  මෙවර JETRO ප්‍රධාන මූලික සහයෝගි ලෙස එක්වීම, ජාත්‍යන්තර මට්ටමේ මිනුම්, විශේෂඥතාව සහ ලෝකයේ හොඳම සෙෘඛ්‍ය පුරුදු රටාවන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ගෙන එයි.

COYLE සභාපති මංජුල විජේසුන්දර මහතා උත්සවය අමතමින් ප්‍රකාශ කළේ, මෙය සම්මාන පිරිනැමිමේ වැඩසටහනක් පමණක් නොවසෞඛ්යමත් හා ඵලදායී රැකියා පරිසරයක් ගොඩනැගීමේ ජාතික ව්යාපෘතියකිසමාජයපවුල සහ ආයතන තුළ සෞඛ්යය හා සතුට ගොඩනගාගත යුතුය.” යනුවෙනි.

මෙවර ප්‍රධාන අනුග්‍රාහක සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ශක්තිමත් නීරෝගි ශ්‍රම බලකායකින් යුතු  ආර්ථිකයක් ගොඩනැගීමට සහාය දැක්වීමේ අරමුණ ප්‍රකාශ කරමින්, COYLE සමග සෞඛ්‍ය, සුබසාධන සහ නිෂ්පාදන ප්‍රවර්ධනයේ පුරෝගාමී ආයතන පිළිගැනි⁣මේ කර්තව්‍යයට අනුග්‍රහය දැක්විමට හැකි විම සතුටට කරුණක් බව ප්‍රකාශ කළේය.

සංවිධාන කමිටු සභාපති මිහිරු පෙරේරා මහතා අවධාරණය කළේ, ව්යාපාරික හා සමාගම් නායකයන්ස්වකිය සේවක ප්රජාවට ගෞරවය ලබාදෙමින් රට පුරා ආදර්ශයක් වෙමින්සෞඛ්යමත්ඵලදායී ජාතියක් එක්ව ගොඩනගමු.” යනුවෙනි.

SLCHPA 2025 සඳහා අයදුම්පත් www.slchpa.com වෙතින් බාගත කළ හැකි අතර, ඉදිරිපත් කිරීම් 2025 ඔක්තෝබර් 31 දක්වා බාර ගනු ලැබේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *