
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවධානම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි.
මෙම මුලපිරීම මෙරට විශාලතම පුද්ගලික අංශයේ බැංකුවේ තවත් විශාල ඉදිරි පිම්මකි. කොමර්ෂල් බැංකුව වෙනුවෙන් ම නිර්මාණය කරන ලද මෙම AI වේදිකාව, බැංකුවේ අභ්‍යන්තර දක්ෂතාවයන් යොදා ගනිමින් ගෝලීය මට්ටමේ උපදේශන සමාගමක් සමඟ එක්ව සහයෝගී උත්සාහයක් ලෙස නිර්මාණය කර ඇත. කොමර්ෂල් බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආකෘතියට සහ අවදානම් ප්‍රතිපත්ති රාමුවට අනුකූල වන ලෙස මෙම වේදිකාව නිර්මාණය කර ඇති අතර, නිතර ඇතිවන වෙලඳපල චංචලතාවයන් වලට නොසැලී සිටිමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍යකරණය තිරසාර ලෙස ඉහළ නැංවීම වෙනුවෙන් බැංකුව අනුගමනය කරන උපායමාර්ගික ප්‍රවේශයන් මෙමගින් මනාව පිළිබිඹු වේ.
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය දෙන විශාලතම ණයහිමියා ලෙසත්, ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික බැංකුව ලෙස විවිධ වූ ජාත්‍යන්තර සම්මානවලින් පිදුම් ලැබ ඇති බැංකුව ලෙසත්, තම ස්ථාවරය මනාව පෙන්වා දෙමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණය නැවත අර්ථ දැක්වීමට බැංකුවේ උපායමාර්ගික කැපවීම මෙම සන්ධිස්ථානගත මුලපිරීම මගින් මනාව පැහැදිලි කර දෙයි.
මෙම විසඳුම් වේදිකාව නිර්මාණය කර ඇත්තේ Machine Learning ඇල්ගොරිතම සහ පුරෝකථන විශ්ලේෂණ (Predictive Analytics) ක්‍රම උපයෝගී කර ගනිමිනි. එහිදී හිමිකාරීත්ව ඇල්ගොරිතම් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල හැසිරීම් දත්ත සහ මූල්‍ය සැලසුම් දත්ත විශ්ලේෂණය කර ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනා ගනු ලැබේ.
මෙම ක්‍රියාවලීන් මෙසේ වේදිකාව හරහා ස්වයංක්‍රීය කිරීමෙන් ණය අනුමත කිරීමේ හා ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා මෙන් ම, බැංකුවට උසස් මට්ටමේ අභිරුචිකරණය කළ නිෂ්පාදන හා තරඟකාරී මිල ගණන් ද පිරිනැමීමේ හැකියාව ලැබේ. පුද්ගලිකත්වය පිළිබඳ දැඩි ප්‍රමිතීන් මගින් තහවුරු කර ඇති මෙම දත්ත මත පදනම් වූ ක්‍රියාවලිය මගින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඔවුන්ගේ පහසුව තකා ඔවුනොවුන්ට ගැලපෙන මූල්‍ය විසඳුම් ලබා ගැනීමට සහය වනු ඇත.
මෙම මුලපිරීමෙහි අරමුණු වන්නේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, පාරිභෝගිකයන්ගේ පහසුව වැඩි කිරීම හා මෙම අංශය තුළ මූල්‍ය අන්තර්ගත වීම ප්‍රවර්ධනය කිරීමයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ජාතික ආර්ථිකයට ලබා දෙන වටිනා දායකත්වය හා කර්මාන්තය තුළට ESG භාවිතයන් ඇතුළත් කිරීමේ වැදගත්කම හඳුනා ගත් කොමර්ෂල් බැංකුව විසින්, මෙම AI වේදිකාව දියත් කිරීම වෙනුවෙන් සැලකිය යුතු ප්‍රමාණයේ ආයෝජනයක් කර ඇති අතර, එමගින් නව්‍යෝත්පාදනය සඳහා වෙළඳපල තුළ නව මිණුම් දණ්ඩක් ද නිර්මාණය කරයි.
මෙසේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම තුලින් පාරිභොගිකයින් මත ඇති කරන බලපෑමෙන් ඔබ්බට ගොස්, වෙළඳපළ ප්‍රවේශය පුළුල් කිරීම, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම, අවදානම් කළමනාකරණය සහ වත්කම්වල ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම, සම්පත් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ උසස් වන වන ESG අවශ්‍යතාවන්ට අනුවර්තනය වීමේ හැකියාව සහතික කිරීම ආදී සැලකිය යුතු ප්‍රතිලාභ රැසක් බැංකුවට හිමිවේ.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.