
මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 50% වඩා වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙරට ආර්ථිකය නඟා සිටුවීමට දක්වන දායකත්වය අති විශාලය. මෙම ක්ෂේත්‍රයෙහි ලක්ෂ 45ක පමණ පිරිසක් සේවයේ නිරත වේ. මෙම ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ජන ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇති කරයි. ජාතික ආර්ථික දියුණුවට ද එය මනා පිටිවහලකි.
දැනට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල යෙදී සිටින අයටත් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන නවක ව්‍යවසායකයින්ටත් බලාපොරොත්තු ඉහළ නංවාගැනීමට හැක. ඒ ඔබේ හොඳම මිතුරා ලෙස පහසු මෙන්ම සරල මූල්‍ය විසඳුම් ලබා දීමට ‘LB සන්මිත’ තුළින් එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම කටයුතු කිරීමත් සමඟයි. මෙහිදි ශ්‍රී ලාංකික ව්‍යසායකයින් වෙනුවෙන්ම සැකසුණු සන්මිත ඉතුරුම් ගිණුම්, සන්මිත රන් ණය, සන්මිත ව්‍යපාරික ණය හා ඩිජිටල් මූල්‍ය සේවා, ප්‍රජාව සවිබල ගැන්වීමට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇත. සන්මිත ව්‍යාපාරික ණය ක්‍රමයේ සුවිශේෂි ලක්ෂණයක් වනුයේ ඇපකරයක් වෙනුවට ව්‍යවසායකයින්ගේ නිපුණතාව පදනම් කරගත් කෙටි කාලීන ණය මුදල් අනුමත කරගැනීමේ හැකියාවයි. එමඟින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සලසා ගත හැකි අතර ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ඇතත් නැතත් මෙම ණය මුදල් අනුමත කරගත හැකි වීම විශේෂත්වයකි. ව්‍යපාර ලියාපදිංචියට අවශ්‍ය සහාය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ලබාදේ. එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම, ජාතික ණය සුරැකුම් ආයතනයේ සාමාජිකයකු නිසා මෙම ක්‍රියාවලි පහසුවනු ඇත.
LB සන්මිත හඳුන්වාදීමේ වැඩසටහනට සහභාගී වූ එල් බී ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා මෙසේ පැවසීය,:
“ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක්. ස්ථාවර, ශක්තිමත් මූල්‍ය සමාගමක් ලෙස අපේ බලාපොරොත්තුව මෙම ක්‍රියාවලිය වඩාත් සරල කරමින් නිපුණතාව මතම පදනම්ව ව්‍යවසායකයින්ට මූල්‍ය සවියක් ලබා දී මෙම ක්ෂේත්‍රය දියුණු කිරීමයි. එහි ප්‍රතිලාභ ලක්ෂ ගණනක් වූ ශ්‍රී ලාංකික පවුල්වලට ගලා යනු ඇත. ඒ වගේම සන්මිත කියන සංකල්පය තුළ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා දැනුම බෙදා දෙන යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. එයින් ඔහුන්ට නිසි පුහුණුවක් තුළින් නිපුණතා සංවර්ධනයක් ද ලබා ගන්න පුලුවන්. එමෙන්ම මෙම ව්‍යවසායකයින් මූල්‍ය පද්ධතියට එකතු කරගැනීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා මූල්‍ය පද්ධතිය මඟින් ලබාගත හැකි ප්‍රතිලාභ තවදුරටත් වැඩිවන අතර තැම්පතු පුරුද්ද ඇති කිරීමෙන් ඔවුන්ගේ පවුල්වල අනාගතය ද වඩාත් සුරක්ෂිත වනු ඇත.”