කාන්තා ව්‍යවසායකයින් සඳහා NDB බැංකුවෙන් ව්‍යාපාරික උපදේශන මාලාවක්

Spread the love

සෑම විශිෂ්ට ව්‍යාපාරයකම ආරම්භය වන්නේ එක් කුඩා අදහසකි. නමුත් එලෙස එම ව්‍යාපාරය යතාර්ථයක් බවට පරිවර්ථනය කිරීම සඳහා අදහසක් තිබීම පමණක්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඔබට පැහැදිලි සැලැස්මක්, යම් මුල්‍ය ශක්තියක් සහ එම ව්‍යාපාරය ආරම්භ කිරීමේ මෙන්ම අවදානම් දැරීමේ ධෛර්යයක් අවශ්‍ය වේ.

ඔබ එලෙස ව්‍යාපාරික සිහිනයක් ඇති කාන්තාවක් නම්, ඔබේම ඇඳුම් සන්නාමයක්, කැෆේ එකක්, සැලෝන් එකක් හෝ කුඩා පරිමාණ ගෘහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහසක් ඇතිනම්, එතුලින් විසඳන්නේ පාරිභෝගිකයන්ගේ කුමන ගැටලූවද? සහ මෙම විසඳුම සැබවින්ම අවශ්‍ය වන්නේ කාටද? යන ප‍්‍රශ්න ප‍්‍රථමයෙන් ඔබෙන්ම විමසා බලන්න. ඔබේ පිළිතුර පැහැදිලි වන තරමට, ඔබේ ව්‍යාපාරයේ පදනම ඉතා ශක්තිමත් වේ.

පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් මැනවින් හඳුනාගෙන එම අවශ්‍යතාවයන්ට ගැලපෙන විසඳුම් ලබාදෙන ව්‍යාපාරය දිගුකල් පවතී. එසේ සැබවින්ම තිරසාර ව්‍යාපාරයක් බවට පත්වීමට නම්, ඔබේ අදහස ඔබේ පාරිභෝගික ප‍්‍රජාව තුළ සැබෑ අවශ්‍යතාවයක් සඳහා විසඳුම් ලබා දිය යුතුය. නැතහොත් ඔවුන් එදිනෙදා මුහුණ දෙන ගැටලූවක් විසඳිය යුතුය. ඔබේ ව්‍යාපාරය විසඳුමේ කොටසක් බවට පත් වූ විට, එය ස්වභාවිකවම පාරිභෝගික පක්ෂපාතිත්වය සහ එමඟින් දිගුකාලීන වටිනාකමක් ගොඩනඟයි.

එතැන් සිට, ඔබේ අදහසට නිසි සැලසුමක් අවශ්‍ය වේ. ව්‍යාපාර සැලැස්ම දිගු හෝ සංකීර්ණ විය යුතු නැත, නමුත් එය කල්පනාකාරීව සිතා බලා සකස් කල යුතුය. එම සැලසුම සකස් කිරීමේදී පාරිභෝගිකයන්ට ලබාදෙන නිෂ්පාදනය හෝ සේවාව කුමක්ද, ඔබේ ගනුදෙනුකරු කවුද, ඔබ ඔවුන් වෙත ළඟා වන්නේ කෙසේද, ක‍්‍රියාත්මක වීමට කොපමණ මුදලක් වැයවේද සහ කාලයත් සමඟ ඔබ එය පවත්වා ගන්නේ කෙසේද වැනි මූලික කරුණු ආවරණය කළ යුතුවේ.  එය ලියා සටහන් තැබීම මඟින් පැහැදිලි ව්‍යුහයක් සැකසීම සඳහා උපකාරී වන අතර අනාගත හවුල්කරුවන්ට, බැංකුවලට හෝ ආයෝජකයින්ට ඔබගේ විමසිලිමත් භාවය සහ ව්‍යාපාරය කෙරෙහි ඔබගේ ඇති අවධානය පිළිබඳවද පැහැදිලි පණිවිඩයක් ලබාදෙයි.

ඔබ ඔබේ මාර්ගය නිසිලෙස සකසා ගත් පසු, මුදල් කළමනාකරණය කිරීම මීළඟ ප‍්‍රමුඛතාවය බවට පත්වේ. බොහෝ කුඩා ව්‍යාපාර අසාර්ථක වන්නේ දුර්වල අදහස් හේතුවෙන් නොව දුර්වල මූල්‍ය විනය හේතුවෙනි. ප‍්‍රථමයෙන් ඔබේ ව්‍යාපාර ආදායම පුද්ගලික වියදම් වලින් වෙන් කරන්න. ඔබේ වියදම් නිරීක්ෂණය කරන්න, ව්‍යාපාරයේ උපදවන ආදයම් මඟින් වියදම් පියවාගැනීම සඳහා ලැබිය යුතු ආදයම ගණනය කරන්න, සහ සරල මාසික ඉලක්ක වලින් ආරම්භ කරන්න. පෙර සැලසුම් කළ ඒකක ගණනක් විකිණීම, පොදු  වියදම් අඩු කිරීම හෝ ඔබේ ලාභයෙන් කොටසක් ඉතිරි කිරීම වැනි කුඩා ක‍්‍රියාකාරකම් මඟින් ඔබේ ව්‍යාපාරයේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟයි.

ව්‍යාපාරය පුළුල් කිරීමට හෝ පිටතින් අවශ්‍ය මුල්‍ය සහය ලබා ගැනීමට අදහස් කරන්නේ නම්, මූල්‍ය විනය පවත්වාගෙන යාම ඔබේ විශ්වසනීයත්වය ද, ගොඩනඟයි. එවැනි අවශ්‍යතාවයන් සඳහා බැංකුවට යන විට, ඔබේ CRIB වාර්තාව (ණය තොරතුරු කාර්යාංශ වාර්තාව* ප‍්‍රධාන කාර්යයභාරයක් ඉටු කරයි. හොඳ CRIB වාර්තාවන් පවත්වා ගැනීම ඔබගේ මූල්‍ය විනය සහ විනිවිදභාවය පෙන්නුම් කරයි. ඔබ ආපසු ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ නම්, ඔබේ බැංකුව සමඟ හැකි විගසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මඟින් ආපසු ණය ගෙවීම් පමා වීම මඟින් ඇතිවන ප‍්‍රතිඵල අවම කරගත හැකි වේ.

තවද, ව්‍යාපාරය සහ දේශීය වෙළඳපොල , අනාගතය පිළිබඳ කල්පනාකරී වීමද ඉතා වැදගත් වේ. කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන බොහෝ ව්‍යාපාරවලට විදේශීය වෙළඳපොළට ළඟා වීමේ හැකියාව තිබෙන අතර ඔබ ආහාර නිෂ්පාදන, ඇඳුම් පැළඳුම්, ආභරණ හෝ අත්කම් අලෙවි කළත්, ඔබේ ව්‍යාපාරය නිවැරදි මඟ පෙන්වීමක් සමඟින් අපනයන ව්‍යාපාරයක් බවට පරිවර්ථනය කළ හැක. අපනයන සහතික කිරීමේ ක‍්‍රියාවලිය හොඳින් තේරුම් ගැනීම සහ ගෝලීය ප‍්‍රමිතීන්ට අනුකූල වීම අපගේ දේශසීමා ඉක්මවා ගෝලීය වෙළඳපළ ජයගැනීම සඳහා මඟ පාදයි.

ඔබේ ව්‍යාපාරය බාහිර ලෝකය දැන ගැනීම ඉතා වැදගත් වේ. ඔබේ නිෂ්පාදනය කෙතරම් අනර්ඝ වුවද බාහිර ලෝකය ඒ පිළිබඳව දැන ගැනීමද අත්‍යාවශ්‍ය වේ. සමාජ මාධ්‍යවල ව්‍යාපාර ගමන පිළිබඳ ලෝකයට ඇසෙන්නට සලසන්න. ගනුදෙනුකරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වන්න. ප‍්‍රසිද්ධ සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Local influencers) හෝ අනෙකුත් වෙළඳ ආයතන සමඟ හවුල් වන්න. වැඩි පාරිභෝගික පිරිසක් වෙත ලඟාවීම සඳහා විශේෂ ප‍්‍රවර්ධන හෝ ප‍්‍රසාද දීමනා ලබා දෙන්න. ඔබේ ව්‍යාපාරය සඳහා සමාජ මාධ්‍ය භාවිතා කිරීම තවදුරටත් විකල්පයක් නොව, එය අත්‍යවශ්‍ය ක‍්‍රියාවකි.

NDB බැංකුව ක‍්‍රියාත්මක කරන කාන්තා ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීමේ වැඩසටහනේ අංගයක් ලෙස, පසුගිය දිනෙක NDB බැංකුවේ ව්‍යාපාර බැංකුකරණ කලාප ප‍්‍රධානී, ප‍්‍රධාන කළමනාකරු නිලේන්ද‍්‍ර විතානගේ මහතා විසින් මෙහෙයවන ලද සැසියකදී මෙම ප‍්‍රායෝගික අවබෝධයන් පිළිබඳව කාන්තා ව්‍යවසායකයින් දැනුවත් කරන ලදී. මෙම වැඩසටහනේ ප‍්‍රධාන  වූයේ කාන්තා ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පත්වීමේදී ඔවුන්ට මඟ පෙන්වීම සහ සහය දීම අඛණ්ඩව කරගෙන යන අතර, එම අභියෝගය ජයගැනීමට සූදානම්  ඕනෑම කාන්තාවකට අවශ්‍ය කරන දැනුම ලබාදීම සහ ඔවුන් ඒ සඳහා සවිබල ගැන්වීමයි.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට සහය වීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටින අතර, එය මූල්‍ය සහකරුවෙකු ලෙස පමණක් නොව තිරසාර වර්ධනයක් සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහාද ද දායක වෙයි. කාන්තා ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීමේ වැඩසටහන පිළිබඳ වැඩිදුර දැන ගැනීමට https://www.ndbbank.com/banking-on-women/vanithabhimana වෙබ් අඩවියට පිවිසෙන්න හෝ 0765699251 හරහා තිෂානි අමතන්න.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *