
SLIM Brand Excellence 2025 සම්මාන උළෙලට සුදුසුකම් ඇති සියලුම අලෙවිකරුවන් සහභාගී වී ඔවුන්ගේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට මෙය අනගි අවස්ථාවකි.

ශ්‍රී ලාංකීය වෙළඳපොළ අපේක්ෂාවෙන් බලා සිටි SLIM Brand Excellence 2025 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන මෙම උළෙල, ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන අලෙවිකරණ ජයග්‍රහණ සහ වෙළඳ සන්නාමයන්ගේ විශිෂ්ටතා අගයමින් ,දේශීය ආර්ථික වර්ධනයට මඟ පාදන නව අරමුණකින් යුතුව මෙවර එළිදක්වයි.
මෙම සම්මාන උළෙල, ව්‍යාපාර වෙළඳ සන්නාමයන්ගේ සාර්ථකත්වය සැමරීමට එහා ගිය අරමුණු සහිතව, අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම, නවෝත්පාදනය පෝෂණය කිරීම සහ දේශීය අලෙවිකරුවන් ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා යොමු කිරීමට ශක්තිය ලබාදීමට බලපොරොත්තු වෙයි. විවිධ අභියෝග හමුවේ නිර්මාණශීලීත්වය තුලින් පාරිභෝගික විශ්වාසය දිනාගත් සහ උපායමාර්ගික විශිෂ්ටත්වය පෙන්නුම් කළ වෙළඳ සන්නාමයන් ඇගයීමට මෙම උළෙල අවස්ථාව සලසයි.
SLIM ආයතනයේ සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා ප්‍රකාශ කලේ’ “SLIM Brand Excellence සම්මාන උළෙල යනු හුදෙක් සාර්ථකත්වය සැමරීමක් පමණක්ම නොව අභියෝගාත්මක කඩඉමක් ද වන බවයි.මෙමගින් අලෙවිකරණ ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් සකස් කරමින් සහ නවෝත්පාදනය පෝෂණය කරමින්, ශ්‍රී ලංකාවේ අලෙවිකරණය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් කරා ඔසවා තබමින්,නිර්මාණශීලී විශිෂ්ටත්වය ඇගයීම තුළින්, දේශිය වෙළඳ සන්නාමයන්ට සහ රටේ ආර්ථිකයේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවයි.”
වසර විස්සකට අධික කාලයක් පුරා පැවති මෙම උළෙලේ ගුණාත්මක තත්වය ආරක්ශා කරගැනීම සදහා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී ඇගයීම් ක්‍රියාවලියක් සිදු කිරීමට සුදානම්.
SLIM ආයතනයේ උප සභාපති, එනෝක් පෙරේරා මහතා අවධාරණය කළේ, “SLIM Brand Excellence සම්මාන උළෙල යනු සාමාන්‍ය සම්මාන උළෙලකට ඒහා ගිය, ශ්‍රී ලංකාවේ ප්‍රභල වෙළඳ නාමයන්ගේ විශිෂ්ටත්වය ඇගයීමකි. 2025 වසරේදී, අපි විශිෂ්ටත්වය ඇගයීමට පමණක් සීමා නොවී, නවෝත්පාදනය, සහයෝගීතාව සහ වගකීම් සහිත වෙළඳනාමකරණ නව රැල්ලක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි’
මේ තුලින් අයදුම්කරුවන්ගේ වෙළඳපොළ සාර්ථකත්වය ඇගයීම පමණක් නොව, ඔවුන්ගේ ව්‍යාපාරික දැක්ම, එය ක්‍රියාත්මක කිරීමේ ශක්තිය සහ ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වර්ධනයට ඔවුන් ලබාදෙන දායකත්වය ද ඇගයීමට ලක් කෙරෙන අතර එය තව දුරටත් පැහැදිලි කරමින්, SLIM ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (අධ්‍යාපන හා පර්යේෂණ) ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා පැවසුවේ, “මෙම උළෙල අනාගත අලෙවිකරුවන්ට සහ ශාස්ත්‍රඥයින්ට තම හැකියාවන් ගෝලීය මට්ටමේ තරගකාරීත්වයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණයේ අනාගතය ඉහළ නැංවීමට අවස්ථාවක් ලබාදෙන බවයි’.
මෙවර උළෙල මෙහෙයවනු ලබන්නේ ව්‍යාපෘති සභාපතිනි කෞශලා අමරසේකර මහත්මිය විසිනි. ඇය පැවසුවේ, “SLIM Brand Excellence 2025 සම්මාන උළෙල මෙහෙයවීමට ලැබීම ගෞරවයක් බවයි.ධෛර්ය, කැපවීම සහ බලපෑමකාරී වෙළඳ සන්නාමයන් ඇගයීමට වේදිකාවක් නිර්මාණය කරමින්, මෙම උළෙල නව තලයකට ඔසවා තැබීමට බලාපොරොත්තු වන බවත්, සුදුසුකම් ඇති සියලුම වෙලද සන්නාමයන් හට මේ සඳහා ඉදිරිපත්වී ඔවුන්ගේ සාර්ථකත්වය පෙන්වීමට ආරාධනා කරන බවද ඇය වැඩි දුරටත් කියා සිටියා.”
SLIM ආයතනයේ 2025 ජූරි සභාවේ ප්‍රධානී තාරක රන්වල මහතා අවධාරණය කළේ, “තරගකාරී වෙළඳපොළක සාර්ථකත්වය පිළිබඳ කතා කරන විට, විනිශ්චයකරුවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර නවෝත්පාදනයෙන් සහ විශිෂ්ටත්වයෙන් ශ්‍රී ලංකාවේ පෙරමුණ ගන්නා වෙළඳ නාමයන් අගයන්නට මෙම සම්මාන උළෙල ආරම්භ කිරීම ගැන ආඩම්බර වන බවයි.’
SLIM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, “ගෝලීය වෙළඳපොළ සමග අපගේ වෙළඳ සන්නාමයන් පවත්වාගෙන යාමට අවශ්‍ය උපායමාර්ගික සහය ලබාදෙමින්, ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය ගෝලීය මට්ටමකට ඔසවා තැබීමට SLIM Brand Excellence සම්මාන උළෙල දායක වන බවයි.’
SLIM Brand Excellence 2025 සම්මාන උළෙලට සුදුසුකම් ඇති සියලුම අලෙවිකරුවන් සහභාගී වී ඔවුන්ගේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට මෙය අනගි අවස්ථාවකි.