Three Sinha Industries විමසීම් කළමනාකරණ පද්ධතිය INCO සම්මාන දිනයි

Spread the love

Three Sinha Industries පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) සංවිධානය කළ INCO සම්මාන උළෙලේදී විශිෂ්ටම විමසීම් කළමනාකරණ පද්ධතියට හිමි සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Three Sinha Industries ශ්‍රී ලාංකික ඉදි කිරීම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකි. ගුණාත්මකභාවය, නව්‍යකරණය, විශ්වාසනීයභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන ඔවුන් පසුගිය කාලය පුරා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් ලබා ඇත. ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුගත වීම වෙනුවෙන් තත්ත්ව සහතික රැසක් දිනා ඇති එම සමාගම සම්මාන සහ වෙනත් ඇගැයීම් රැසක්ද ලබා තිබේ.

Three Sinha Industries සමාගම නේවාසික, වාණිජ, කාර්මික යන අංශවල බහුවිධ අවශ්‍යතාවලට ගැළපෙන සේවා රැසක් සපයයි. Roller Doors, Shutters, Fire-resistant Doors, Aluminium Fabrications, Sensor-operated Doors, Automatic Barriers ඒ අතර ප්‍රධාන වේ. ආරක්ෂාව, කල් පැවැත්ම, භාවිත කිරීමේ පහසුව කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කරමින් ඒවා නිපදවා  ඇත. තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම On Grid, Off Grid, Hybrid යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති සේවාද සපයයි. Pre-fabricated සහ Pre-engineered යන ඛාණ්ඩ දෙකට අයත් වානේ ඉදි කිරීම් සේවා සපයන IKLO Industries එම සමාගමට අනුබද්ධ සමාගමකි. 

කාර්යක්ෂමතාව සහ අනුවර්තන හැකියාව ඉහළ නැංවීම සඳහා උසස් තාක්ෂණය යොදා ගන්නා එම සමාගම මහා පරිමාණ ඉදි කිරීම්ද කරයි (SLIDA). එසේම එම සමාගම ඉදි කිරීම් කොන්ත්‍රාත්තුද භාර ගනී. කෘෂිකාර්මික ක්ෂේත්‍රයටද පිවිස ඇති එම සමාගම කෘෂිකාර්මික අවශ්‍යතාවලට ගැළපෙන ට්‍රැක්ටර් ට්‍රේලර් මාදිලි රැසක් හඳුන්වා දී ඇත. Three Sinha Industries ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට (IOC) අවශ්‍ය ඩීසල් ගබඩා ටැංකි සැපයුම්කරුවෙක්ද වේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *