
ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධනය කෙරේ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සහයෝගයෙන් රබර් සහ ටයර් ප්‍රදර්ශනය 2025 (Middle East Rubber & Tyre Expo 2025 )මැද පෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී රබර් නිෂ්පාදන අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් 10 ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මණ්ඩපයක් සංවිධානය කළේය.
එම සමාගම් වන්නේ ;3 k හෝල්ඩින්ග්ස්, ඔටෝවේස්, සැම්සන් රබර් කම්පවුන්ඩ්ස්, දුලංකා ඉන්ටර්නැෂනල්, DTH සුපර්ඩැග්, ක්ලින්කෝ රබර් මෝල්ඩින්ග්ස්, සෙයිට්රා, BGN ඉන්ඩ්ස්ට්‍රියල් ටයර්, ටෙක්ස්ට්රිප්, රොවින්ස් ඉන්ඩ්ස්ට්‍රියල් ටයර් යන සමාගම්ය.
මෙම ශ්‍රී ලංකා මණ්ඩපය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධනය කිරීමයි. මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 17 සිට 19 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි සාජා එක්ස්පෝ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රථම වරට සමාගම් දහයක් සහභාගී වූ අතර එහිදී solid ටයර් , නැවත පිරවූ රබර් පටි (retread rubber belts), අභ්‍යන්තර ෆ්ලැප් (inner flaps), අච්චු කරන ලද රබර් නිෂ්පාදන (moulded rubber products ) (ගෘහස්ථ හා කාර්මික), රබර් තහඩු (rubber sheets) , ක්‍රීඩා භාණ්ඩ, වාහන උපාංග ආදිය ඇතුළුව දේශීයව නිෂ්පාදනය කරන විවිධ රබර් නිෂ්පාදන කිරීමට බලපොරොත්තු වේ.
තවද , දෙස් විදෙස් ව්‍යාපාරික හමුවක් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය විසින් පසුගියදා ඩුබායි පුල්මාන් ක්‍රීක් හෝටලයේදී සංවිධානය කර තිබිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු මහාචාර්ය අරුෂා කුරේ, ඩුබායි සහ උතුරු එමිරේට්ස් සඳහා කොන්සල් ජෙනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර සහ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සල් අමාත්‍ය තක්ෂිලා ආර්නෝල්ඩා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත් විය.
ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ ගරු සභාපති සුරේන් ස්වාමිනාදන් මහතා පිළිගැනීමේ කතාව සිදු කල අතර ගරු කොන්සල් ජෙනරාල්වරයා සහ ගරු තානාපතිනියද මෙහිදී දේශන පවත්වන ලදී. කවුන්සිලයේ උප සභාපති ෂිහාන් ෂෙරිෆ් මහතා ස්තූති කතාව පැවැත්වූයේය.
ව්‍යාපාරික ක්ශේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්, දෙස් විදෙස් ව්‍යාපාරිකයන් රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර පිළිබඳ හඳුන්වා දීමට හා ව්‍යාපාරික අදහස් බෙදා හදා ගැනීමට අවස්ථාව මෙහිදී හිමි වු අතර එමඟින් ශක්තිමත් හා පුළුල් ව්‍යාපාරික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා විය.
