
කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත.
කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද අභිලාෂකාමී මෙහෙයුමකි. මෙම වැඩසටහනට උසස් ශිල්පීය ක්‍රම භාවිතයෙන් බද්ධ කිරීම, ඩ්‍රෝන යානා යෙදීම, ඵලදායිතාව සහ ලාභදායීතාවය වර්ධනය කිරීමට මූලික වන දේශගුණයට ඔරොත්තු දෙන බෝග වර්ග වැනි දෑට යොමු කිරීම; කුසලතා සංවර්ධනය සහ පුහුණුව; මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පහසු කිරීම සඳහා බැංකුව සමඟ ඍජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම; වඩා හොඳ අස්වැන්නක් සහ නව වෙළඳපොළවල් වෙත ප්‍රවේශ කරවීම හරහා ජීවනෝපායන් වැඩිදියුණු කිරීම; ගොවි ඉඩම් තුළ දිගුකාලීන ශක්‍යතාව සහතික කරන තිරසාර භාවිතයන් පිළිබඳ දැනුවත් කිරීම; ප්‍රජා සහයෝගය සහ ජාලකරණය වැනි දියුණු ශිල්පීය ක්‍රම ඇතුළත් වේ.
වවුනතිව් හි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා බැංකුව විසින් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක් වී සිටියි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන හා කෘෂිකාර්මික ආයතන සමඟ ගොඩනැගෙන සහයෝගීතාවයෙන් වටිනා දැනුම බෙදා ගැනීමේ පරිසරයක් නිර්මාණය වන බව බැංකුව පවසයි.