කෘෂි ව්‍යවසායකත්වය සඳහා වර්ධනය කරගත යුතු කුසලතා මොනවාද ?

Spread the love

කෘෂිකර්මාන්තය ව්‍යවසායකත්වය / entrepreneurship සඳහා ඉතා වැදග් අවස්ථා කිහිපයක් ලබා දෙයි. ඇසුරුම් කිරීම, අමුද්‍රව්‍ය සැපයීම, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත වැනි කෘෂි ව්‍යාපාර අංශයේ නව අපේක්ෂාවන් රාශියක් ඇත.

ක්ෂුද්‍ර මූල්‍යකරණය වැඩිවීම, රජයේ රෙගුලාසි ලිහිල් කිරීම, කෘෂිකාර්මික ආශ්‍රිත ක්ෂේත්‍රවල අති නවීන තාක්‍ෂණයට ප්‍රවේශ වීම සහ මග පෙන්වීම හේතුවෙන් ඉහළ කුසලතා ඇති සේවකයින්ගේ ඉදිරි දර්ශන වෙනස් වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස තරුණියන් සහ තරුණයින් පමණක් නොව මැදිවියේ සහ විශ්‍රාමික වෘත්තිකයින් පවා  කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත අංශවල තමන් වෙනුවෙන් වැඩ කිරීමට තෝරාගෙන කෘෂි ව්‍යවසායකත්වයේ නව අවස්ථා ගවේෂණය කරමින් සිටිති.

‘ව්‍යවසායකයා / entrepreneurship’ යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ ‘භාර ගැනීම / to undertake ‘ යන අර්ථය ඇති ‘Entreprendre’ යන ප්‍රංශ ක්‍රියා පදයෙන් ය. 16 වන සියවසේ මුල් භාගයේදී, හමුදා ගවේෂණ මෙහෙයවූ ප්‍රංශ ජාතිකයන් ව්‍යවසායකයින් / entrepreneurs ලෙස හැඳින්විණි.

ජෝසප් ෂුම්පීටර් / Joseph Schumpeter (ඔස්ට්‍රියානු ආර්ථික විද්‍යාඥයෙක්) 1930 ගණන්වල ව්‍යවසායකත්වය යන පදය ජනප්‍රිය කළේය. ඔහු ව්‍යවසායකයා අර්ථ දැක්වූයේ ආර්ථිකයට අලුත් දෙයක් හඳුන්වා දෙන පුද්ගලයෙකු ලෙසයි. (තවමත් පරීක්ෂාවට ලක් කර නොමැති නිෂ්පාදන ක්‍රමයක්, පාරිභෝගිකයින් තවමත් හුරුපුරුදු නොවන නිෂ්පාදනයක්, අමුද්‍රව්‍යවල නව ප්‍රභවයක් හෝ නව වෙළඳපොළක්)

ව්‍යවසායකත්වය යනු වෙළඳපොළේ අවස්ථා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය, මෙම අවස්ථාවන් හඹා යාමට අවශ්‍ය සම්පත් සකස් කිරීම (එනම්, අදහසක් නිෂ්පාදනයක් හෝ සේවාවක්) සහ දිගුකාලීන ලාභයක් සඳහා සම්පත් ආයෝජනය කිරීමයි. සමාජ-ආර්ථික සංවර්ධනය ආරම්භ කිරීම සහ තිරසාර කිරීම සඳහා ව්‍යවසායකයින් වැදගත් මෙවලමක් ලෙස සැලකේ. ව්‍යවසායකයින් පුළුල් ලෙස වර්ගීකරණය කරන ලද පහත සඳහන් කාර්යයන් හතර ඉටු කරයි. ඒවා නම්,

  1. නවෝත්පාදනය / innovation,
  2. අවදානම් දැරීම / risk bearing,
  3. සංවිධානය / organisation
  4. කළමනාකරණ කාර්යය / management function  

පුළුල් ලෙස වර්ගීකරණය කරන ලද මෙම කාර්යයන් හතරට,

  • අදහස් ජනනය,
  • අරමුණු තීරණය කිරීම,
  • අරමුදල් රැස් කිරීම,
  • යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය ප්‍රසම්පාදනය,
  • වෙළඳපළ සමීක්ෂණය,
  • ව්‍යවසායයේ ස්වරූපය තීරණය කිරීම,
  • මිනිස්බල බඳවා ගැනීම
  • ව්‍යවසාය ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.

කෘෂිකර්මාන්තය, නව දේවල් කිරීමට නවෝත්පාදනයන් සොයමින් නොව, අඛණ්ඩ භාවිතයන් වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ කුඩා ගොවිපළ ව්‍යවසායන් විසින් ආධිපත්‍යය දරන අඩු තාක්‍ෂණික කර්මාන්තයක් ලෙස සලකනු ලැබීය. කෙසේ වෙතත් ආර්ථික ලිබරල්කරණය සහ වේගයෙන් වෙනස් වන සමාජයකින් පසුව පසුගිය දශක දෙක තුළ මෙම තත්ත්වය නාටකාකාර ලෙස වෙනස් වී ඇත. කෘෂිකාර්මික ව්‍යවසායන් වෙළඳපළ අස්ථාවරත්වය, වෙනස්වන පාරිභෝගික මනාපයන්, දැඩි පාරිසරික සීමාවන්, නව නිෂ්පාදන තත්ත්ව ප්‍රමිතීන්, තිරසාර ආහාර ප්‍රමිතීන් සහ වෙනත් සාධක වලට අනුවර්තනය විය යුතුය. මෙම වෙනස්කම් හේතුවෙන් ව්‍යවසායකත්වය සහ තවත් නවෝත්පාදනයන් දැන් කළ හැකිය.

කෘෂිකාර්මික ව්‍යවසායකයින් කෘෂිකාර්මික කටයුතුවලට අදාළ ව්‍යාපාර සිදු කරයි. කෘෂිකර්මාන්තයේ සමහර ව්‍යවසායක ක්ෂේත්‍ර වන්නේ,

  • ගොවිතැන – farming,
  • නිෂ්පාදන අලෙවිකරණය – product marketing
  • යෙදවුම් අලෙවිකරණය – inputs marketing
  • කෘෂිකාර්මික නිෂ්පාදන සැකසීම – processing of agricultural produce

කෘෂිකර්මාන්තය ව්‍යවසායකත්වය සඳහා දැවැන්ත අවස්ථාවක් ලබා දෙයි. නමුත් මෙම විභවය සාක්ෂාත් කරගත හැක්කේ පස, බීජ, ජලය සහ වෙළඳපළ ඉල්ලුම වැනි කෘෂි මූලද්‍රව්‍ය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමෙන් පමණි.

කෘෂි ව්‍යවසායකත්වයට රැකියා උත්පාදනය, දරිද්‍රතාවය අඩු කිරීම, සෞඛ්‍ය හා පෝෂණය වැඩිදියුණු කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය වැඩිදියුණු කිරීම ඇතුළු සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වීමේ හැකියාව ඇත.

කෘෂිකර්මාන්තයේ බර අඩු කිරීම, ග්‍රාමීය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උත්පාදනය කිරීම, ග්‍රාමීය-නාගරික සංක්‍රමණය වැළැක්වීම, ජාතික ආදායම ඉහළ නැංවීම, ග්‍රාමීය ප්‍රදේශවල කාර්මික සංවර්ධනය තිරසාර කිරීම සහ නාගරික ප්‍රදේශවලට ඇති පීඩනය ලිහිල් කිරීම යන විසඳුම් කෘෂිකාර්මික ව්‍යවසායකත්වය තුළින් සාක්ෂාත් කරගත හැකිය. එය කුඩා ගොවීන් වඩාත් ඵලදායී ලාභදායී වීමට සහ දේශීය, ජාතික සහ ගෝලීය පරිමාණයෙන් අලෙවි කළ හැකි වීමට උපකාරී වේ. එය නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ දෙකෙහිම ව්‍යාපාරික අවස්ථා දිරිමත් කරයි, වර්ධනය වේගවත් කරමින් ආදායම විවිධාංගීකරණය කරයි.

ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) හි ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, වෙළඳාම සහ කෘෂිකර්මාන්තය ගෝලීයකරණය කිරීම මෙන්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස කෘෂි ව්‍යවසායකත්වයේ විෂය පථය සහ විභවය බෙහෙවින් වැඩි වී තිබේ. මෙය මෙම කර්මාන්තය කෙරෙහි ආයතනික උනන්දුව වැඩි කර ඇත.

කෘෂිකර්මාන්තය ව්‍යවසායකත්වය සඳහා අවස්ථා කිහිපයක් ලබා දෙයි.

කෘෂි නිෂ්පාදන සැකසුම් ඒකක / Agro-Produce Processing Units: මෙම පහසුකම් තුළ නව නිෂ්පාදන නිෂ්පාදනය නොකෙරේ. ඒ වෙනුවට, ධාන්‍ය ඇඹරීම සඳහා මෝල් (සහල්, තිරිඟු වැනි), ධාන්‍ය වර්ග ආදිය වැනි කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් සැකසෙනු ඇත.

කෘෂි නිෂ්පාදන නිෂ්පාදන පහසුකම් / Agro-Produce Manufacturing Facilities: මෙම පහසුකම් තුළ බේකරි, සීනි කර්මාන්තශාලා වැනි කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රාථමික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් සම්පූර්ණයෙන්ම නව භාණ්ඩ නිර්මාණය කරනු ලැබේ .

කෘෂි යෙදවුම් නිෂ්පාදන පහසුකම් / Agro-Input Manufacturing facilities : කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකකරණය කිරීම හෝ නිෂ්පාදන පහසුකම් පුළුල් කිරීම සඳහා අයිතම නිෂ්පාදනය කරනු ලැබේ, උදා: පොහොර නිෂ්පාදන ඒකක, කෘෂිකාර්මික මෙවලම් නිෂ්පාදන ඒකක ආදිය.

කෘෂි සේවා මධ්‍යස්ථාන / Agro-Service Centres: මේවාට ගොවිපළ උපකරණ සහ යන්ත්‍රෝපකරණ සඳහා ගබඩා සහ අලුත්වැඩියා පහසුකම් ඇතුළත් වේ.

විවිධ ප්‍රදේශ / Miscellaneous Areas: මෙම ප්‍රදේශවල මීමැසි පාලන ස්ථාන, ආහාර සැකසුම් පහසුකම්, බීජ සැකසුම් පහසුකම්, හතු නිෂ්පාදන පහසුකම්, එළුවන් ඇති කිරීම, කාබනික එළවළු සහ පලතුරු සිල්ලර වෙළඳසැල් ස්ථාපිත කිරීමට හැකි විය හැකිය.

ව්‍යවසායක සාර්ථකත්වයට සාධක කිහිපයක් දායක වන අතර, ඒ අතර ව්‍යවසායකයාගේ සංවිධානාත්මක / organisational, අලෙවිකරණ / marketing සහ මානව සම්බන්ධතා උපාය මාර්ග / human relations strategies ද වේ. වෙළඳපොළ / Market, ක්‍රම / methods, කණ්ඩායම / team සහ සමාගම / company  ව්‍යවසායක සාර්ථකත්වයට බලපාන සාධක කිහිපයකි.

ව්‍යවසායකත්වයට බලපාන සුවිශේෂී සාධක හතරක් ඇත:

  1. ආර්ථික සංවර්ධනය – economic development
  2. සංස්කෘතිය – culture
  3. තාක්ෂණික සංවර්ධනය – technological development
  4. අධ්‍යාපනය – education

මෙම සාධක ව්‍යවසායකත්වයේ මතුවීම කෙරෙහි ධනාත්මක සහ ඍණාත්මක යන දෙඅංශයෙන්ම බලපෑමක් ඇති කළ හැකිය.

  • ආර්ථික සාධක / Economic factors ව්‍යවසායක ක්‍රියාකාරකම් කෙරෙහි වඩාත්ම ක්ෂණික සහ සෘජු බලපෑමක් ඇති කරයි. ආර්ථික සාධක වන්නේ ප්‍රාග්ධනය, ශ්‍රමය, අමුද්‍රව්‍ය, වෙළඳපොළ සහ යටිතල පහසුකම් ය.
  • සමාජ සාධක / Social factors අතර පවුල් පසුබිම, අධ්‍යාපනය, සමාජයේ ආකල්ප සහ දේශපාලන සහයෝගය ඇතුළත් වේ.
  • මනෝවිද්‍යාත්මක සාධක / Psychological factors යනු අභිප්‍රායන්, ජයග්‍රහණය සඳහා ඇති අවශ්‍යතාවය, තත්ත්වය සහ ගෞරවයයි.

කෘෂි ව්‍යවසායකත්වය ලුහුබැඳීම සඳහා නිශ්චිත ලක්ෂණ සහ හැකියාවන් අවශ්‍ය වන අතර, පුහුණුව සහ සූදානම තුළින් මේවා ලබා ගත හැකිය.

  1. සැලසුම් කිරීම – Planning,
  2. ක්‍රියාත්මක කිරීම – implementation
  3. පාලනය – control

යනු ගොවි-ව්‍යවසායකයන්ගෙන් දැනුම සහ ප්‍රවීණතාවය අවශ්‍ය වන ගොවිපළ කළමනාකරණයේ ප්‍රධාන අංශ තුනයි.

ඔවුන්ට යෙදවුම් සැපයුම, මූල්‍ය සේවා, ප්‍රවාහනය, ඇසුරුම් කිරීම, අලෙවිකරණය සහ උපදේශන සේවා මෙන්ම ප්‍රාථමික නිෂ්පාදනය, අස්වනු නෙළීම, සැකසීම, තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම පිළිබඳ තොරතුරු ද අවශ්‍ය වේ.

කෘෂි ව්‍යවසායකයෙකු සඳහා අත්‍යවශ්‍ය ව්‍යවසායක ගුණාංග වන්නේ,

  • මුලපිරීම – initiative
  • අභිලාෂය – ambition
  • සාන්ද්‍රිත ගැටලු විසඳීම – concentrated problem-solving
  • නිර්මාණාත්මක චින්තනය  – creative thinking
  • අවස්ථා ලබා ගැනීම – taking chances
  • නම්‍යශීලීභාවය – flexibility
  • අනුවර්තනය – adaptation,
  • අන්තර් පුද්ගල කුසලතා – interpersonal skills
  • ජාලකරණය – networking,
  • ඉගෙනීමට ඇති කැමැත්ත – willingness to learn

ජයග්‍රහණයේ අවශ්‍යතාවය – Need for Achievement: ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරයේ සහ ජීවිතයේ සාර්ථක වීමට දැඩි පෙළඹවීමක් ඇත. ඔවුන්ගේ අභිලාෂයන් හුදෙක් එක් ඉලක්කයකට ළඟා වීමට වඩා බොහෝ දේ කරයි. ඒ වෙනුවට ඔවුන් සැමවිටම එය ඉක්මවා යාමට උත්සාහ කරති.

තාක්ෂණික විශේෂඥතාවTechnical Expertise: ව්‍යවසායකයෙකුට තම ව්‍යවසායයේ තාක්ෂණය, මෙහෙයුම්, මූල්‍ය හෝ වෙළඳපඝ ගතිකත්වය ඇතුළු සියලු තාක්ෂණික අංශ පිළිබඳව පූර්ණ දැනුමක් ඇත. ව්‍යවසායකයින් නව දේවල් ගැන කුතුහලයෙන් සිටිති. ඔවුන් අනපේක්ෂිත දේ සොයා බැලීමට උත්සාහ කරන අතර තීරණ ගනී.

නවෝත්පාදනය – Innovativeness: ව්‍යවසායකයින් සැමවිටම සාම්ප්‍රදායික මාර්ගෝපදේශවලට අනුගත නොවේ. ඔවුන් නිරන්තරයෙන් පුළුල් වීමට නැවුම් අවස්ථා සොයමින් සිටිති. ඔවුන් නව දේවල් ගොඩනඟා ගැටලු වලට විසඳුම් පරිකල්පනය කිරීමෙන් අදහස් ඉදිරිපත් කරති.

ස්වාධීනත්වය  – Independence: තීරණ ගැනීමේ නිදහස සඳහා ඇති ආශාව නිසා, නියාමනය කරන ලද පරිසරයක වැඩ කිරීම ව්‍යවසායකයෙකුට බොහෝ විට අභියෝගාත්මක වේ. ව්‍යවසායකයින්ට තම රැකියාවේ සහ තීරණ ගැනීමේදී ස්වාධීනත්වය අවශ්‍ය වේ.

අවදානම් දැරීමේ හැකියාව – Risk Bearing Ability: ව්‍යවසායකත්වය අවදානම සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත. සාධාරණ අවදානම් ගන්නා ව්‍යවසායකයින් (මධ්‍යස්ථ අවදානම්/ගණනය කළ අවදානම) තම වත්කම්වල ප්‍රතිලාභ අනුව අධික අවදානම් ගන්නා හෝ කිසිසේත්ම අවදානම් නොගන්නා අයට වඩා ඉදිරියෙන් සිටී. ව්‍යවසායකයා සූදානම, කුසලතා සංවර්ධනය සහ පර්යේෂණ මගින් අවදානම අඩු කරන අතරම අනාගත අවිනිශ්චිතතාවය පිළිගනී.

නායකත්ව හැකියාව – Leadership Ability: ව්‍යවසායකයින් නායකත්ව ලක්ෂණ නිරූපණය කරයි. ඔවුන්ට හොඳ සන්නිවේදන කුසලතා ඇත, හොඳ තීරණ ගන්නන්, හොඳ සැලසුම්කරුවන්, සංවිධායකයින් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගන්නා සහ ඉලක්කගත අභිප්‍රේරක වේ.

මානව සම්බන්ධතා කුසලතා – Human Relations Skills : තම භාණ්ඩ හා සේවා සඳහා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා, ව්‍යවසායකයින් තම ගනුදෙනුකරුවන් සමඟ හොඳින් සම්බන්ධ විය යුතුය. තම ව්‍යාපාරය ලාභදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ඔවුන් තම සේවකයින් සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගත යුතුය.

කඩිසරකම –  Diligent: ව්‍යවසායකයින් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන අතර ව්‍යාපාරයක් සාර්ථකත්වය කරා ගෙන යාමට බොහෝ උත්සාහයන් දරති. ඔවුන් අඛණ්ඩව ජයග්‍රහණය සඳහා වැඩ කරන අතර බොහෝ උත්සාහයන් දැරීම වෙනුවට ආදේශකයක් නොමැති බව දනිති.

ආත්ම විශ්වාසය – Self-confidence: අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමේ හැකියාව පිළිබඳව ව්‍යවසායකයින් විශ්වාසය තබා ඇත.

නම්‍යශීලී බව  – Flexibility: ව්‍යවසායකයින් වෙනස් වන වෙළඳපළ, ප්‍රවණතා, තාක්ෂණය, නීති සහ නියාමන රාමු මෙන්ම වෙනස් වන ආර්ථික තත්වයන්ට අනුවර්තනය විය යුතුය.

කෘෂිකාර්මික ව්‍යවසායකයෙකු ලෙස සාර්ථක වීමට නම්, ගොවියෙකුට තම කළමනාකරණ, තාක්ෂණික සහ ව්‍යවසායක කුසලතා ප්‍රායෝගිකව මිශ්‍ර කිරීමට හැකි විය යුතුය. විශේෂඥතාව අවශ්‍ය වන ප්‍රධාන තාක්ෂණික අංශ තුන වන්නේ යෙදවුම් කළමනාකරණය, නිෂ්පාදනය සහ අලෙවිකරණයයි.

ව්‍යවසායක සහ තාක්ෂණික නිපුණතා, විනිශ්චය, සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ කළමනාකරණය කිරීමේදී කළමනාකරණ නිපුණතා සමඟ සහාය විය යුතුය.

යැපුම් ක්‍රියාකාරකම් ලාභදායී ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා කෘෂි ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය වේ. කෘෂිකර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත අංශවල අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමට හැකි වන පරිදි අභිලාෂකාමී කෘෂි ව්‍යවසායකයින් සුදුසු සම්පත් වලින් සන්නද්ධ විය යුතුය. ව්‍යවසායකයින් කණ්ඩායමක් සංවිධානය කිරීමෙන් සහ වටිනාකම් දාමය ඔස්සේ සම්බන්ධතා ඇති කර ගැනීමෙන් කණ්ඩායම් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාප්ති සහ කෘෂි උපදේශන භාවිතා කළ හැකිය. මෙය නව ජීවනෝපාය අවස්ථා නිර්මාණය කිරීමට, ගොවිපළ ඵලදායිතාවය වැඩිදියුණු කිරීමට සහ ග්‍රාමීය ආදායම් මට්ටම් ඉහළ නැංවීම සහතික කිරීමට උපකාරී වන අතර එමඟින් සමබර හා ඇතුළත් වර්ධනයක් සහතික කෙරේ.

සැකසුම – වරුණි ජයතුංග, විමර්ශන නිලධාරිනී, DevPro – HARTI කාන්තා ව්‍යවසාය ප්‍රවර්ධන ව්‍යාපෘතිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය.

මූලාශ්‍රය  https://forumias.com/blog/kurukshetra-october-summary-skills-for-agri-entrepreneurship/

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *