NDB බැංකුව විශ්වාසනීය රන් ණය විසඳුම් සමඟින් මූල්‍ය නම්‍යතාවය ශක්තිමත් කරයි

Spread the love

ශ‍්‍රී ලංකාව ආර්ථික වෙනස්කම් රැසකට මුහුණ දෙන විට, NDB බැංකුව විශ්වාසදායක රන් ණය පහසුකම් සේවාව හරහා වගකිවයුතු මූල්‍ය සහකරුවෙකු ලෙස තම භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යයි.

ශ‍්‍රී ලාංකිකයින් සඳහා රන් භාණ්ඩ වඩාත් විශ්වාසදායක පුද්ගලික වත්කම් වලින් එකක් ලෙස පවතින අතර, හදිසි මුදල් අවශ්‍යතාවයකදී එය ඔවුන්ගේ ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් ලෙස භාවිතා වෙයි. මූල්‍ය දුෂ්කරතාවයන්  ඕනෑම කෙනෙකුට බලපෑ හැකි බවට ඇති අවබෝධය මත NDB බැංකුවේ රන් ණය සේවාව ගොඩනගා ඇති අතර, එම මූල්‍ය විසඳුම නිරන්තරව, ආරක්ෂාව සහ නම්‍යශීලී බව සමඟ පැමිණිය යුතුය. 

සුවිශේෂී විශේෂාංගයක් ලෙස, 0.88% ක වෙළඳපොලේ පවතින අඩුම මාසික පොලී අනුපාතය, භාණ්ඩ උකස් කිරීමේදී සහ ඒවා නැවත බේරා ගැනීමේදී ගාස්තු කිසිවක් නොමැති වීම සහ ගනුදෙනුකරුවන්ගේ ආර්ථික හැකියාවන්ට ගැළපෙන ලෙස සකසා ඇති නම්‍යශීලී වාරික මත පදනම් වූ ආපසු ගෙවීමේ විකල්ප ඇතුළත් ගනුදෙනුකරුවා මූලික කොටගත් මූල්‍ය පහසුකමකි. තවත් වඩාත් වැදගත් කරුණක් නම්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව රත‍්‍රන් මුදා ගැනීමට ඉඩ සැලසීම වන අතර පාරිභෝගිකයා සෑම විටම තමන්ට ඔබින ලෙස තම මූල්‍ය පරිපාලනය හසුරුවයි.

විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳව NDB බැංකුව සුවිශේෂී අවධානයක් යොමු කරයි. රන් තක්සේරු කිරීම් සිදු කරනු ලබන්නේ උසස් තාක්‍ෂණය මත පදනම් වූ පද්ධති භාවිතයෙන් වන අතර එය කළමනාකරණය කරනු ලබන්නේ ඉහළ පුහුණුව ලත් වෘත්තිකයන් කණ්ඩායමක් විසිනි. දිවයින පුරා පිහිටි NDB ශාඛා 99ක් සමඟින්, තම රන් භාණ්ඩ සුරක්ෂිත බවත්, රන් ගනුදෙනුවල උපරිම නිරවද්‍යතාවයෙන් හා ප‍්‍රවේශමෙන් හසුරුවන බවටත් ගනුදෙනුකරුවන්ට සහතික විය හැකිය.

රන් ණය, කුඩා ව්‍යාපාර හිමියන්ගේ සිට අධ්‍යාපන වියදම් සැලසුම් කරන පවුල් හෝ අනපේක්ෂිත හදිසි අවස්ථා දක්වා ශ‍්‍රී ලාංකිකයන් රැසකට ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම බවට පත්ව ඇත. සාම්ප‍්‍රදායික ණය සඳහා පහසුවෙන් ප‍්‍රවේශ විය නොහැකි ආර්ථික පරිසරයක, NDB රන් ණය මඟින් පාරිභෝගිකයන්ට තම සිතේ සැනසුමෙන් තම රත‍්‍රන්වල වටිනාකම මත සිය මූල්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි විකල්පයක් සපයයි.

2005 දී ආරම්භ කළ දින සිට මේ දක්වා දස දහස් ගණනක් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය NDB බැංකුවේ රන් ණය සේවාව හිමිකරගෙන ඇත. මෙම අංශයේ බැංකුවේ සාර්ථකත්වයට බොහෝ දුරට හේතු වී ඇත්තේ අප සේවාවේ ස්වභාවික වර්ධනය සහ NDB බැංකුවේ රන් ණය සේවාව පිළිබඳව ගනුදෙනුකරුවන්ගේ මුවින් වෙනත් පිරිස් හට සන්නිවේදනය වීම හරහා බව NDB රන් ණය සේවාවේ කළමනාකරු අමිල එදිරිසිංහ මහතා සඳහන් කළේය. ‘‘අපගේ කැපවීම ණයක් ලබා දීම පමණක් නොව, අපගේ ගනුදෙනුකරුවන්ගේ වඩාත්ම තීරණාත්මක අවස්ථාවන්හිදී ඔවුන්ගේ මුදල් අවශ්‍යතාවයන් වෙනුවෙන් සහාය වීමයි. අපගේ සේවාව ලබාගන්නා බොහෝ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමඟ සේවාව පිළිබඳව විස්තර බෙදා හදාගන්නා අතර එමඟින් ඔවුන්ද අපගේ රන් ණය සේවාව ලබාගනී. ඔවුන්ගේ එම විශ්වාසය අපගේ රන් ණය සේවාවේ ඇති විශිෂ්ඨත්වය විදහා පාන කදිම සක්ෂියකි.’‘

ප‍්‍රායෝගික මූල්‍ය විසඳුම් වල අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා වැදගත්වන කාලයක, NDB බැංකුව ඵලදායී පමණක් නොව පාරිභෝගික කේන්ද‍්‍රීය බැංකුකරණ විසඳුම් ලබාදීම පිළිබඳව නිරන්තරයෙන් කැපවී සිටි. NDB රන් ණය සේවාව සමඟින් විනිවිදභාවය සහ ගනුදෙනුකරුවන්ට විශ්වාසය තැබිය හැකි සේවාවක් ලබාදීම අරමුණු කරයි. වේගවත්, ආරක්ෂිත සහ ගෞරවාන්විත සේවාවක් අපේක්ෂා කරන ඔබ, ලඟම ඇති NDB බැංකු ශාඛාවට පිවිසීමෙන් මෙම සේවාවට ප‍්‍රවේශ විය හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා, NDB බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 011 744 8888 ඇමතීමෙන් හෝ  ළඟම ඇති NDB බැංකු ශාඛාවට පිවිසීමට ගනුදෙනුකරුවන් සියළු දෙනාට ආරාධනා කර සිටියි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *