NDB වනිතාභිමාන පස්වැනි අදියර අරඹයි

Spread the love

NDB බැංකුව NewsFirst සමඟ එක්ව ශ්‍රී ලාංකීය කාන්තාවන් ඇගයීම සහ සවිබල ගැන්වීම සඳහා කැපවූ මෙරට ප්‍රමුඛතම වැඩසටහනක් වන ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උලෙළේ පස්වන අදියර දියත් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. 2025 මාර්තු 6 වන දින පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයකින් සහ මාධ්‍ය සාකච්ඡාවකින් මෙම වැඩසටහනේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් කරන ලදී.

පසුගිය වසර හතර පුරාවට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා වනිතාභිමාන සම්මාන උලෙළ විවිධ ක්ෂේත්‍ර තුළ නියැළී සිටින ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විශිෂ්ට මෙහෙවරයන් ඇගයීමට සුවිශේෂී වේදිකාවක් ලෙස සැලකිය හැකිය. එහි පස්වන අදියරේදී මෙම වැඩසටහන කාන්තාවන් ඇගයීම වේදිකාවකින් ඔබ්බට ගිය දිගු කාලීන සමාජයීය සහ ආර්ථික බලපෑමක් ඇති කිරීම අරමුණු කොටගත් පරිවර්තනීය මුලපිරීමක් වන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. මෙම ඇගයීම මෙහෙයවනු ලබන්නේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ තිරසර වර්ධනයක් සඳහා මාර්ගය සකස් කිරීමට දායක වන දුරදර්ශී පස් අවුරුදු තිරසර ආකෘතියක් මඟිනි.

වඩාත් නවීකරණය කරන ලද පස්වන වනිතාභිමාන වැඩසටහන කාන්තාවන්ට ඔවුන්ගේ ආර්ථික සුබසාධනය සඳහා වැදගත් තීරණ ගැනීමට අවස්ථාව ලබා දෙමින් මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින් සහ ස්ත්‍රී පුරුෂ පරතරය මැඬපැවත්වීම වෙනුවෙන් ද දායක වෙයි. ශ්‍රී ලාංකීක කාන්තාවන් ව්‍යවසායිකාවන් බවට පරිවර්තනය කරමින් ඔවුන් සවිබල ගැන්වීම සහ කුඩා ව්‍යාපාර හිමියන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කරගැනීමට සහාය දීමෙන් මෙම මුලපිරීම පුළුල් ආර්ථික වර්ධනයක් ඇති කිරීම තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 2030 වසර වන විට කාන්තා අපනයනකරුවන් ගෝලීය වෙ‍ෙළඳපොළට හඳුන්වා දීම සහ ඔවුන් ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන සමඟ සම්බන්ධ කරමින් ඔවුන්ගේ ව්‍යාපාරයන් පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මෙම තිරසර ආකෘතියේ ප්‍රධාන අරමුණ වේ. මෙමඟින්, මෙම වැඩසටහන දේශීය වෙ‍ෙළඳපොළ තුළ පවතින අභියෝගයන්ට විසඳුම් ලබාදීම පමණක් නොව ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් ගෝලීය වශයෙන් ඉහළ තලයකට ඔසවා තැබීමට ද අවස්ථාව උදා වේ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *