ඉන්දියාව මට උදව් කළා: නවෝත්පාදනය සහ ගෝලීය බලපෑම පිළිබඳ ගමනක්

Spread the love

පසුගිය අගෝස්තු මාසයේදී ජොහැන්නස්බර්ග්හිදී සාර්ක් සම්මාන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (SAARC Awards and Commonwealth Business Excellence Awards) දිනා ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ පුරෝගාමී නව නිපැයුම්කරු, Abacus Tea සහ  C2S.lk සභාපති රොහාන් ද ලැනරෝල්, දැන් multiple Asia awards සඳහා ලැයිස්තුගත කර ඇති අතර එය ගෝලීය තේ කර්මාන්තයට ඔහුගේ කීර්තිමත් දායකත්වය තවදුරටත් තහවුරු කරයි.

ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය (Food Safety and Standards Authority of India – FSSAI) විසින් ස්ටේපල්-පින් තේ බෑග් / staple-pin tea bags තහනම් කිරීම අනිවාර්ය කර ඇති අතර එමඟින් කර්මාන්තයට විශාල බාධාවක් ඇති වී ඇති අවස්ථාවක, ඩි ලැනරෝල් දැනටමත් ඉන්දියාව සහ ලෝකය සොයන විසඳුම සපයා ඇත.

දශක ගණනාවක් තිස්සේ ලොව පුරා ඉංජිනේරුවන් පැරණි තේ බෑග් යන්ත්‍ර ස්ටේපල්-නිදහස් තාක්‍ෂණයකට / staple-free technology පරිවර්තනය කිරීමට උත්සාහ කර ඇත. නමුත් ඒවා අසාර්ථක විය. 2000 වසරේ සිට, ගෝලීය නිෂ්පාදකයින් මෙම සංක්‍රාන්තිය සමඟ අරගල කර ඇත. නමුත් ලෝකය කළ නොහැකි යැයි සිතූ දේ සාර්ථකව සාක්ෂාත් කර ගෙන ඇත්තේ 79 හැවිරිදි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන රොහාන් ද ලැනරෝල් විසිනි.

අද වන විට, ඔහු ඉන්දියාවේ විශාලතම තේ බෑග් නිෂ්පාදකයින් දෙදෙනා වන Hindustan Unilever සඳහා යන්ත්‍ර 21ක් සහ Tata Tea සඳහා යන්ත්‍ර 11ක් පරිවර්තනය කර ඇත. මෙම පරිවර්තනය ඉන්දීය තේ නිෂ්පාදකයින්ට FSSAI නියාමනයට අනුකූල වීමට උපකාරී වන අතර, එය කාලසටහනට වසර ගණනාවකට පෙර සිදු කිරීම විශේෂත්වයකි. සාර්ථක යන්ත්‍ර පරිවර්තන 51කට අධික සංඛ්‍යාවක් සමඟින්, ඔහුගේ නවෝත්පාදනය ශ්‍රී ලංකාව මෙම තාක්ෂණික දියුණුවේ ඉදිරියෙන්ම ස්ථානගත කර ඇත.

FSSAI මුලින් ස්ටේපල්-පින් තේ බෑග් තහනම් කිරීමේ අවසාන දිනය 2024 ජනවාරි සඳහා නියම කළ නමුත් ඉන්දියාවේ අගය එකතු කළ තේ අංශයේ දැඩි විරෝධතා සහ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එය දීර්ඝ කිරීමට සිදු විය. යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කිරීමට ඩොලර් මිලියන ගණනක් වැය වන බැවින් සමාගම් ඊට අනුකූල වීමට අරගල කරමින් සිටියහ. කෙසේ වෙතත්, ඩි ලැනරෝල්ගේ පරිවර්තන තාක්ෂණය දැරිය හැකි, කාර්යක්ෂම සහ ක්ෂණික විසඳුමක් සපයයි. නිෂ්පාදකයින්ට ඔවුන්ගේ පවතින යන්ත්‍ර පිරිවැයෙන් සුළු ප්‍රමාණයකින් වැඩිදියුණු කිරීමට ඉඩ සලසයි.

ඔහුගේ තාක්‍ෂණය කර්මාන්තයට නව යන්ත්‍රයක පිරිවැයෙන් 7-8%කට තම යන්ත්‍ර පරිවර්තනය කිරීමට හැකියාව ලබා දී ඇත. එය නිෂ්පාදකයින්ට සහාය වීම පමණක් නොව ඉන්දියාවේ තිරසාර ඉලක්ක සමඟ සමපාත වන ක්‍රීඩාව වෙනස් කරන සංවර්ධනයකි.

මෙම නවෝත්පාදනය නොවේ නම්,

  • හින්දුස්ථාන් යුනිලීවර් සමාගමට අමතර ඉන්දිය රුපියල් කෝටි 65.6ක් වැය කිරීමට සිදුවනු ඇති අතර,
  • ටාටා බෙවරේජස් සමාගමට අමතර ඉන්දීය රුපියල් කෝටි 33.3ක් වැය කිරීමට සිදුවනු ඇත.

මෙය ඔහුගේ නවෝත්පාදනයේ දැවැන්ත ආර්ථික බලපෑම අවධාරණය කරයි. තනි සමාගම් සඳහා පමණක් නොව, සමස්ත ඉන්දියානු තේ කර්මාන්තයට ම එය අදාළය.

“ඉන්දියාව ඉදිරියට පැමිණ මගේ නවෝත්පාදනය විශ්වාස නොකළේ නම්, අපි බංකොලොත් වීමට ඉඩ තිබුණා. ඔවුන්ගේ විශ්වාසය අපට අවශ්‍ය ඉදිරි ගමන ලබා දුන්නා. නමුත් ඉන්දියාව මට සහයෝගය දුන්නේ මෙතැනින් නෙවෙයි. ඔවුන් මීට පෙර වෛද්‍යමය වශයෙන් ද මට උදව් කර තිබෙනවා. මගේ බයිපාස් සැත්කම 2003 දී පූනේහිදී සිදු කළා. පසුගිය වසරේ දී මගේ TAVI සැත්කම සිදු කරන ලද්දේ එදිනට ගුවනින් පැමිණි ඉන්දියානු ශල්‍ය වෛද්‍යවරුන් විසිනුයි. මේ සඳහා, මම අතිශයින් කෘතඥ වෙනවා.” රොහාන් පැවසුවේය.

දැන්, ඉන්දියාව FSSAI රෙගුලාසිවලට අනුකූල වීමට තරඟ වදින විට, ඉන්දියාවේ විශාලතම තේ සමාගම්වලට උපකාර කිරීමේදී ඔහුගේ විශේෂඥතාව සහ ඔප්පු කළ වාර්තාව නිසා, තවමත් අනුකූලතාවයට අරගල කරන ඉතිරි නිෂ්පාදකයින් සඳහා ඔහු කදිම සහකරුවෙකු බවට පත්වේ.

ඔහුගේ නව නිපැයුමේ පැහැදිලි ආර්ථික හා පාරිසරික වාසි තිබියදීත්, ශ්‍රී ලංකාවේම තේ කර්මාන්තය මෙම දේශීය තාක්ෂණය වැළඳ ගැනීමට ප්‍රමාද වී ඇත. ඊට වෙනස්ව, ඉන්දියාව වහාම එහි වටිනාකම හඳුනාගෙන එය ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී පියවර ගත්තේය.

  • ශ්‍රී ලංකාවේ පැරණිතම තේ සමාගම වන George Steuart නවෝත්පාදනයට සහාය දුන් දේශීය වෙළඳ නාම කිහිපයෙන් එකකි. ඔවුන් සතුව සාම්ප්‍රදායික තේ බෑග් යන්ත්‍ර නොතිබුණ ද, ඔවුන් ඩි ලැනරෝල්ගේ තාක්ෂණය භාවිතා කරමින් සම්පූර්ණ යන්ත්‍ර තුනක ආයෝජනය කළහ.
  • ශ්‍රී ලංකාවේ විශාලතම තේ අපනයනකරු වන Akbar Brothers දැන් ඔවුන්ගේ යන්ත්‍ර පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක නියැලී සිටී. එය පොරොන්දු වූ ඉදිරි පියවරකි.

නවෝත්පාදනය සඳහා ඩි ලැනරෝල්ගේ දායකත්වය ශ්‍රී ලංකාවේ ජාතික නවෝත්පාදන ඒජන්සිය / National Innovation Agency විසින් විධිමත් ලෙස පිළිගනු ලැබූ අතර, එහිදී ඔහු 2018 සිට 2023 දක්වා වඩාත්ම බලගතු නව නිපැයුම්කරුවන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස ගෞරවයට පාත්‍ර විය.

ඉදිරිය දෙස බලමින්, ඔහු තම යන්ත්‍ර පරිවර්තන තාක්ෂණයේ හයවන සංවත්සර සංස්කරණයක් හඳුන්වා දීමට සූදානම් වන අතර, එයට ඇතුළත් වන්නේ:

  • වැඩසටහන්ගත කළ හැකි තාර්කික පාලකය (Programmable Logic Controller PLC)
  • ස්වයංක්‍රීය ප්‍රතික්ෂේප කිරීමේ පද්ධතිය / Auto Reject System
  • ස්වයංක්‍රීය නිෂ්පාදන දත්ත විශ්ලේෂණ / Automated Production Data Analytics

මෙම වැඩිදියුණු කිරීම් ඉන්දියාව සහ ලෝක තේ කර්මාන්තය තවදුරටත් නවීකරණය කරනු ඇති අතර, තිරසාර තේ ඇසුරුම්කරණයේ ශ්‍රී ලංකාවේ ගෝලීය නායකත්වය ශක්තිමත් කරනු ඇත.

ඉන්දියාවේ FSSAI නියාමනය එරට තේ කර්මාන්තයට ප්‍රධාන අභියෝගයක් එල්ල කළේය. නමුත් ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවෙකු විසඳුම සපයා ඇත.

දැන්, තවත් ඉන්දියානු නිෂ්පාදකයින් අනුකූලතාව අපේක්ෂා කරන බැවින්, දීර්ඝ කරන ලද කාල සීමාව අවසන් වීමට පෙර ඉන්දියාවේ තේ අංශය staple-free technology වෙත සාර්ථකව සංක්‍රමණය වීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ විශේෂඥතාව ලබා දෙමින් ඩි ලැනරෝල් සහ C2S.lk උදව් කිරීමට සූදානම්ව සිටිති.

නවෝත්පාදනය සහ දේශසීමා හරහා සහයෝගීතාවය සඳහා නොසැලෙන කැපවීමකින් යුතුව, ඩි ලැනරෝල්ගේ කාර්යය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සාර්ථකත්වය අත්කර ගත හැකි ආකාරය පිළිබඳ දීප්තිමත් උදාහරණයකි.

https://www.ft.lk/business/India-helped-me-A-journey-of-innovation-and-global-impact/34-773939

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *