44%ක ඇමෙරිකානු බද්දේ බලපෑම සම්බන්ධයෙන් ADB කළ විශේෂ හෙළිදරව්ව

Spread the love

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා පනවන ලද නවතම ආනයන තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි ආර්ථික බලපෑම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව (ADB) බරපතළ අනතුරු ඇවීමක් කර ඇත.

භාණ්ඩ අපනයනයේ දැවැන්ත පහළ යාමක් වාර්තා වීම, අපනයන අභිමුඛ කර්මාන්ත අංශය මන්දගාමී වීම, ආයෝජක විශ්වාසය පහළ වැටීම හේතුවෙන් සෘජු විදෙස් ආයෝජන ගලාඒම හා දේශීය ප්‍රාග්ධන ප්‍රසාරණය පහළ යාම, රැකියා වියුක්තිය ඉහළ යාම, වැටුප් වර්ධක පහළ යාම, පුද්ගලික පරිභෝනය පහළ යාම, ඉහළ රැකියා වියුක්තිය හා ආඩු බදු ආදයම නිසා රාජ්‍ය මූල්‍යයට එල්ලවිය හැකි පීඩනය යනාදිය, ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්විඳීමට සිදුවිය හැකි අහිතකර ප්‍රතිඵල ලෙස ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

තව ද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ ඇණවුම් අවලංගු වීම් හමුවේ අඩු තීරුබදු අනුපාතයන් පනවා ඇති මැලේසියාව, ඉන්දියාව හා මෙක්සිකෝව වැනි රටවලට අදාළ ඇණවුම් විතැන්වීමට ඉඩක් ඇති බවයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ ආර්ථික ප්‍රකාශනය වන 2025 අප්‍රේල් මාසයේ ආසියානු සංවර්ධන දැක්ම (ADO) ප්‍රකාශයට පත්කිරීම දැනුම් දීම සඳහා අද (09) පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ විය.

එහිදී ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන් කියා සිටියේ 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය අත්පත් කර ගත් ශක්තිමත් ප්‍රකෘතිමත් වීමෙන් පසු, 2025 වසරේ දී 3.9%ක හා 2026 වසරේ දී 3.4% ක ක මධ්‍යස්ථ වර්ධනයක් අත්පත් කර ගනු ඇති බවට පුරෝකථනය කරන බවයි. නමුත් එක්සත් ජනපද තීරුබදු ප්‍රතිපත්තිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මත් වුවහොත්, තමන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන සම්බන්ධයෙන් කර ඇති වර්ධන පුරෝකථනයන් පහළ දැමීමට සිදුවනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී සඳහන් කළේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *