27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි

Spread the love

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2025 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙවර ද ජනාධිපති අපනයන සම්මාන උළෙල සදහා මාර්ගගතව අයදුම්පත් යොමුකිරීමට අපනයන සමාගම්වලට අවස්ථාව ලබා දී ඇත https://pea.edb.gov.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් අපනයන සමාගම්වලට මෙම අයදුම්පත් යොමුකළ හැකියි.

අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ගරු ජනාධිපතිතුමන් විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය, ජනාධිපති අපනයන සම්මානයයි.  මෙම  සම්මාන ප්‍රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයන කරුවන් ඇගයීමයි. 

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 26 ක් සංවිධානය කොට  ඇත.  

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *