2025 JASTECA සම්මාන උලෙළ ප්‍රකාශයට පත් කරයි

Spread the love

ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය (JASTECA) විසින් 2025 වසරේ JASTECA සම්මාන උලෙළ දියත් කරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදි. ඒ අනුව එම සම්මාන උලෙළ 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ තුළින් 5S, Kaizen සහ ආයතනික සමාජ වගකීම් යන අංශයන්හි ඉහළම විශිෂ්ටත්වයක් දක්වන මෙරට ආයතන ඇගයීමට ලක් කිරීම අරමුණු කොට ගෙන ඇත.

JASTECA සංගමයේ ආරම්භයේ සිටම සේවා ස්ථාන විශිෂ්ටත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව හා තිරසරත්වය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කරන ඔවුන් මෙම සම්මාන උලෙළ සමඟ ඒ සඳහා වන සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත්ව සිටියි. නවෝත්පාදන හා අඛණ්ඩ වැඩි දියුණු කිරීම් වෙනුවෙන් ජපන් කළමනාකරණ දර්ශනය සාර්ථකව යොදා ගන්නා ව්‍යාපාර හඳුනා ගැනීමේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමටද මෙවර සම්මාන උලෙළ තුළින් අවස්ථාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ JASTECA හි සභාපති මංගල සමරජීව මහතා “හුදු සම්මානයකට වඩා විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස මෙම JASTECA සම්මානය හඳුන්වා දිය හැකියි. ආයතනයන්ට ඉහළ කර්මාන්ත පිළිගැනීමක් සඳහා මෙන්ම පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය ඉහළ නැංවීම හා වෙළෙඳපොළ තුළ වාසි සහගත තරඟකාරීත්වයක් ලබා දීමට ඒ තුළින් හැකියාව උදා වනවා. එමෙන්ම ආයතනික සංධිස්ථානයන් සනිටුහන් කිරීමේ අවස්ථා සහ සේවක නියැළීම තුළින්ද මීට සහභාගි වන්නන්ට ප්‍රතිලාභ උදා වනවා. ආයතනයන්හි වර්තමාන සාර්ථකත්වය තහවුරු කරන මෙම පිළිගැනීම අනාගත වර්ධනය සඳහා දිරිගැන්වීමක් ලෙසද සඳහන් කළ හැකියි” යනුවෙන් පැවසීය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *