සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු ඩිජිටල්කරණයට පියවර

Spread the love

සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද (29) සිට ඩිජිටල්කරණය කෙරෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යංශයේ පැවති අර්ථසාධක අරමුදලේ සේවාවන් මාර්ගගත ක්‍රමයට ආරම්භ කිරීම සඳහා පැවැති වැඩසටහනට සහභාගී වෙමිනි.

උසස්ම තාක්ෂණය මෙරටට ගෙන ඒමත් එම තාක්ෂණයේ ප්‍රතිලාභ මහජනතාව අතරට ගෙනයාමේ වැඩපිළීවෙළ වෙනුවෙන් කම්කරු අමාත්‍යංශය කටයුතු කරමින් පවතින බවත් එහි පළමු පියවර අද ආරම්භ කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අර්ථසාධක අරමුදල සඳහා ලියාපදිංචි වීම , ගෙවීම් සිදු කිරීම් මෙතෙක් අමාත්‍යංශයට පැමිණ භෞතිකව සිදු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා එවිට සේවා යෝජකයාට මෙන්ම සේවකයාගේ ද කාලය ,ශ්‍රමය නාස්ති වන බවත් එය සෘජුවම නිෂ්පාදන ක්‍රියාවලියට බාධා වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරියේදී නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කර ගැනීමට මෙන්ම ප්‍රතිලාභ සාධාරණ ලෙස මිනිසුන්ට බෙදී යාම සම්බන්ධයෙන් මෙම තාක්ෂණය භාවිත කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *