
විවිධත්වය, සම සාධාරණත්වය සහ අන්තර්කරණය (DEI) සඳහා වූ සම්මාන ප්‍රදානය 2025, ලංකා වාණිජ මණ්ඩලය විසින් ප්‍රහර්ශයෙන් දියත් කරන්නෙමු. මෙම ජාතික සම්මාන උළෙල හරහා අන්තර්කරණය සහ සාධාරණත්වය අගයන ව්‍යාපාර ව්‍යුහයන් සඳහා ඇගයීමක් ලබා දෙනු ඇත.
මෙම සම්මාන උළෙල මගින් වඩාත් විවිධත්වය අගයන , සාධාරණ වැඩ පරිසරයක් සහ අන්තර්කරණය සහිත සේවා ස්ථාන ගොඩනැගීම සඳහා ප්‍රායෝගික උත්සාහයන් දරන සමාගම් හඳුනා ගනු ඇත. හොඳ බඳවා ගැනීමේ පිළිවෙත්, අන්තර්කරණය අගයන නායකත්වය හෝ සියලු පසුබිම්වල පුද්ගලයින් ගෞරවාන්විතව පිළිගන්නා සේවා ස්ථානයක් නිර්මාණය කිරීම වැනි කරුණු මෙයට ඇතුළත් වේ. DEI සම්මානය තුළින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ශේත්‍රයට හොඳ ආදර්ශයක් සපයන සමාගම් අගයනු ලැබේ.
මෙම සම්මාන උළෙල සම්මාන කාණ්ඩ කිහිපයකින් සමන්වික වන අතර එය MSME (ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) සහ විශාල සමාගම් යන දෙකටම සම්මාන ප්‍රදානය කරයි. මුළු රටම ආවරණය කරමින් , ශ්‍රී ලංකාවේ පළාත් නවයේ හොඳම ව්‍යාපාර සඳහා කලාපීය DEI සම්මාන ද පිරිනමනු ලැබේ. මීට අමතරව – සංයුක්ත සේවා ස්ථාන සංස්කෘතිය,ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ආබාධිත පුද්ගලයින් සඳහා අවස්ථාව ලබා දීම, කාන්තා සවිබල ගැන්වීම සහ තාරුණ්‍යය සඳහා අවස්ථාව ලබා දීම යනාදී අංශයන් උදෙසා ද සම්මාන පිරිණමනු ලබයි .
විවිධත්වය සහ අන්තර්කරණය සඳහා සහාය වීම සඳහා විශාල හෝ කුඩා වෙනස්කම් සිදු කරන ඕනෑම ව්‍යාපාරයකට මේ සඳහා අයදුම් පත් යොමු කළ හැකිය. අයදුම්පත් 2025 ජූලි 15 වන දින දක්වා විවෘතව පවතින අතර ජයග්‍රාහකයින්ට මෙම ක්ෂේත්‍රයේ ඔවුන්ගේ නායකත්වය සඳහා ජාතික පිළිගැනීම සහ නිසි ඇගයීමක් ලැබෙනු ඇත.
අයදුම්පත් https://www.chamber.lk/ccc-projects/dei-champion-awards-2025/ හි මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය. වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ කරගන්න
නිරෝෂා – ccc.projects@chamber.lk / 0716481143
“2025 DEI සම්මානය ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ (SCOPE) වැඩසටහන සමඟ හවුල්කාරිත්වයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් පිරිනමනු ලැබේ – මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ (SCOPE) ව්‍යාපෘතියේ සමාප්තිය සනිටුහන් කිරීමේ උත්සාහයන් මාලාවක කොටසකි. SCOPE ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය එක්ව අරමුදල් සපයනු ලදී.”
