ශ්‍රී ලංකා මහ බැංකුව ‘පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ’ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

Spread the love

2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.

මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ඉදිරිපත් කෙරේ. මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රතිඵල, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගේ පිළිතුරු මත පමණක් පදනම් වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් පිළිබිඹු නොවේ.

පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය මගින් ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ප්‍රමාණනය සහ නිරීක්ෂණය කිරීම සිදු වේ. මෙම සමීක්ෂණයේ නියැදි රාමුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු සමාගම, රක්ෂණ සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආන්තික සැපයුම්කරුවන් සහ ප්‍රාරක්ෂකයන්, කොටස් තැරව්කාර සමාගම්, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතනවල අවදානම් නිලධාරීන්ගෙන් සමන්විත වේ.

මෙම සමීක්ෂණයේ නිරීක්ෂණ, විශේෂයෙන් ම මූල්‍ය අංශයේ අවදානම් කළමනාකරණ කටයුතුවල නියැලී සිටින්නන් හට පරිශීලන මුලාශ්‍රයක් ලෙස ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ඇතුළත් අර්ධ වාර්ෂික ප්‍රකාශන විද්‍යුත් මුලාශ්‍රයක් ලෙස ලබා ගත හැකි අතර, පහත සබැඳිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා ඊට පිවිසිය හැකිය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *