බස්නාහිර පළාතේ ස්ථාපිත ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායන් පුළුල් කිරීම අරමුණු කරගත් සහන ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ණය ප්‍රදානය ඊයේ (30) සිදු කරන ලද අතර ඒ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට සංකේතාත්මක ණය ප්‍රදානය කිරීම ද සිදුවිය.
මෙහිදී ස්වයං රැකියා සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 2ක් දක්වා සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 3ක් දක්වා ණය පහසුකම් ලබා දෙනු ඇත.
