
පිරිවැය ප්‍රතිසාධනය ක්‍රියාත්මක කරන්නේ කෙසෙද යන්න පිළිබඳව විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිසම එක්ව යාන්ත්‍රණයක් ඉදිරිපත් කළ යුතු බවත්, එහිදී ඔවුන් පිරිවැය ප්‍රතිසාධනයට සිදුකළ යුතු වෙනස්කම් යෝජනා කළ යුතු බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (22) පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණය දැණුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ අවස්ථාවේ දී යි.
රටට වඩාත් යෝග්‍ය නිවැරදි ප්‍රතිපත්තිය වන්නේ ද එය බව අධිපතිිවරයා එහි දී පවසා සිටියේ ය.
තව ද ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් නොමැතිවීම කිසිඳු කර්මාන්තයකට ඵලදායී නොවන අතර ජනතාවට තවත් බදු ඉහළ නැංවීමක් අවශ්‍ය නොමැතිනම් රජයට පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් අනුගමනය කිරීමට සිදු වන බවයි.
“විදුලි ගාස්තුවලට බලපාන බදු ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තියක් නොවෙයි. අප අවබෝධකරගෙන සිටින විදියට එය විදුලි හා ඛනිජතෙල් සඳහා පිරිවැය ප්‍රතිසාධන මිලකරණයට රජයේ කැපවීම අනුව සිදුවන්නක්. එය ප්‍රතිපත්තියක්. මට හිතන්නේ ඒක නිවැරදි ප්‍රතිපත්තියක්. පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් නොමැතිවීම කිසිඳු කර්මාන්තයකට ඵලදායී වන්නේ නැහැ. පිරිවැය ප්‍රතිසාධනය නොමැතිවීම රජය සතු ව්‍යාපාරවලට පාඩු සිදුවීමට මෙන්ම එම අලාභ පියවා ගැනීමට බදු මුදල් යෙදවීමටද හේතුවනවා. යමෙක් බදු අනුපාත ඉහළ බව පවසන්නේනම් පිරිවැය ප්‍රතිසාධනයක් නොමැතිවීම කියන්නේ තවත් බදු එක්රැස්කිරීමට සිදුවන බව. ඔබට තවත් බදු ඉහළ නැංවීමක් අවශ්‍ය නැතිනම් රජයට මේ විදියට පිරිවැය ප්‍රතිසාධන මිලකරණයක් අනුගමනය කරන්න සිදුවනවා. එය රජයෙහි ප්‍රතිපත්තියක් පිළිපැදීමක්. පිරිවැය ප්‍රතිසාධනය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එකට විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශය සහ මහජන උපයෝගීතා කොමිසම එක්ව යාන්ත්‍රණයක් ඉදිරිපත් කළ යුතුවනවා. එහිදී ඔවුන් පිරිවැය ප්‍රතිසාධනයට සිදුකළ යුතු වෙනස්කම් යෝජනා කරාවි. මම හිතන්නේ එයයි, රටට වඩාත් යෝග්‍ය නිවැරදි ප්‍රතිපත්තිය වන්නේ.”