ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ NDB එක්ව ‘VIMAN ජා-ඇල’ වෙනුවෙන් දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය හඳුන්වා දෙයි

Spread the love

ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරලමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ආයතනය විසින් NDB බැංකුව සමග ඒකාබද්ධව, ජාඇල VIMAN නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගන්නා සෑම අයෙකුටම දිවයිනේ අඩුම නිවාස ණය පොලී අනුපාතිකය වන 9.75% ක පොලී අනුපාතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. එයින් නොනැවතුණු ඔවුන්, ගැනුම්කරුවන් හට මෙම අවම පොලී අනුපාතිකය යටතේ 100% ක ණය පහසුකමක් ලබා ගැනීමට ද ඉඩ හසර සලසා දී තිබේ. ඒ විතරක් නොවේ, ගැනුම්කරුවන් හට මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා කිසිදු ආකාරයක මූලික ගෙවීමක් කිරීමට ද අවශ්‍ය නොවේ. එනම්, ජෝන් කීල්ස් සහ NDB බැංකුව එක්ව, ශ්‍රී ලාංකේය නිවාස ණය ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට භාජනය කර ඇත.

මෙම ඉදිරිගාමී පියවරත් සමග අනාගත නිවාස හිමියන් මුහුණ දෙන බරපතළම ගැටලු ද්විත්වය වන අධික මූලික ගෙවීමේ බර සහ අධික පොලී බර යන සියල්ලම නිවාස හිමියන්ගේ කර මතින් ඉවත් කිරීමට ඔවුන් හට හැකි වී තිබේ. එම නිසාම ජෝන් කීල්ස් සහ NDB බැංකුව විසින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමාටම කියා නිවාසයක් මිල දී ගැනීමට ඇති සිහිනය යළිත් බලාත්මක කොට තිබේ.

“ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි අප සියලු දෙනාගේම නිත්‍ය අරමුණ වූයේ, සම්ප්‍රදායට අභියෝග කරමින්, වැඩි පිරිසකට ගුණාත්මක ජීවිතයක් වෙත අවස්ථාව විවර කර දීමයි.” එසේ පැවසූයේ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි විකුණුම් සහ අලෙවිකරණ අංශයේ ප්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි උප සභාපති වන නදීම් ශම්ස් මහතාය. “NDB බැංකුව සමග ඇති කර ගත් මෙම සබඳතාව නිසා අප හට නිවෙස් හිමියන්ගේ මූල්‍ය සීමා ඉවත් කර, අසමසම පොලී අනුපාතයක් මෙන්ම මූලික ගෙවීමකින් තොරවම 100% ක ණය පහසුකමක් ඔවුන් වෙත ලබා දීමට ද හැකියාව ලැබී තිබේ. අප අලෙවි කරන්නේ නිවාස පමණක් නොවේ, අප අලෙවි කරන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ දශක ගණනාවක සිහිනයයි.”

NDB බැංකුව අතීතයේ පටන්ම මූල්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම නවෝත්පාදකයෙකු ලෙස කීර්ති නාමයක් දිනා සිටි බැංකුවකි.

“මෙම සබඳතාව හරහා අපට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පුද්ගලයින්ගේ සහ පවුල්වල දිගු කාලීන සිහිනයක් සැබෑ කරලීමට අවස්ථාව ලැබී තිබෙනවා.” NDB බැංකුවේ පෞද්ගලික මූල්‍ය පහසුකම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වන නදීක ද අල්විස් මහතා ප්‍රකාශ කළ් සිටියේ ය. “මේ හරහා ගැනුම්කරුවන් හට අප දිවයිනේ අඩුම පොලී අනුපාතිකය සමග 100% ක ණය පහසුකම් පිරිනමනු ලබයි. මෙම මූලාරම්භය නිසා අපට සුවහසක් ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය වෙත යාමට තිබූ මූල්‍යමය වැට කඩුලු බිඳ ලන්නට හැකි වී තිබෙනවා. මෙය අපට ආඩම්බර විය හැකි අවස්ථාවක්. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එකට එක් වූ විට සිදු කළ හැකි විශිෂ්ට දේවල්වලට ද මේ ක්‍රියාන්විතය සාක්ෂි සපයනවා.”

“අප විශ්වාස කරන ආකාරයට නිවසක් යනු හුදෙක් ගල්, වැලි, සිමෙන්ති පමණක් නොවේ. එය ස්ථාවරත්වයට සාක්ෂියක් වන අතර, අනාගත වර්ධනයට අඩිතාලමක් ද වේ.” ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි වත්කම් කළමනාකරණ අංශයේ ප්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි උප සභාපති වන රුසිරු අබේසිංහ මහතා එලෙස සිය අදහස් දැක්වීය. “මෙම දීමනාවත් සමග ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය, තව දුරටත් සිහිනයක් නොවී, එය ඔවුන්ගේ අත පොවන මානයට රැගෙන ඒමට අපට හැකියාව ලැබී තිබේ. මෙය අපට පමණක් නොවේ, සමස්ත දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේම සංධිස්ථානයක් ලෙස සැලකීම ද වරදක් නොවේ.”

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි නවතම නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන VIMAN ජා ඇල යනු අක්කර හයක භූමියක විහිදුණු සහ 60% කම විවෘත අවකාශවලින් පිරී ඇති සුවිශේෂී නිවාස සංකීර්ණයකි. වරාය වෙත දිවෙන අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණිය හොත්, කොළඹ නගරයේ සිට මිනිත්තු 30 ක දුරකින් පිහිටා ඇති මෙහි, සියලු පහසුකම්වලින් පරිපූර්ණ නිදන කාමර 418 ක් පිහිටා තිබේ. රැකියාවේ නිරත වන්නන්ට සහ පවුල්වලට එක ලෙස ගැළපෙන පරිදි නිර්මාණය කර තිබෙන මෙම නිවාස සංකීර්ණයේ, ගෙවතු උයනක්, ඇවිදින මං තීරු, සමාජශාලා අවකාශයක්, පිහිනුම් තටාකයක්, ළමා ක්‍රීඩා අංගනයක් පිහිටා ඇති අතර, ඊට අමතරව මෙහි 24 පැය පුරා ක්‍රියාත්මක වන උසස් තත්ත්වයේ ආරක්ෂක සේවාවක් ද තිබේ. VIMAN යනු ජීවත් වීමේ නවතම විලාසිතාවයි.

වැඩි විස්තර සඳහා හෝ VIMAN ජාඇල වෙතින් ඔබේ නිවස වෙන් කරවා ගැනීම සඳහා, පිවිසෙන්න: www.viman.lk නැතිනම් අමතන්න: 0706 068 068

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *