
කොමර්ෂල් බැංකුව සහ සතොස මෝටර්ස් පීඑල්සී අතර ඇතිකරගත් නව සහයෝගීතාවයක් හරහා ශ්‍රී ලාංකික වාහන ගැනුම්කරුවන්ට ඉසුසු වාහන මිලදී ගැනීමේදී වටිනාකම, නම්‍යශීලීබව සහ සැපපහසුව ලබා දීමට සූදානම් වේ.
ආකර්ශනීය ලීසිං කොන්දේසි සහ සුවිශේෂී වාහන දීමනා හරහා පුළුල් පාරිභෝගික ඛණ්ඩයකට ඉසුසු ට්‍රක් රථ සහ කැබ් රථ මිලදී ගැනීමට හැකියාව ලබා දීම අරමුණු කරගත් ජාතික පරිමාණ ප්‍රවර්ධනයක් මෙම සහයෝගීතාවය හරහා හඳුන්වා දී ඇත.
2026 මාර්තු 31 වන දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන ගොඩනගා ඇත්තේ, වාහන මිලදී ගැනීමේ මූල්‍ය බර ලිහිල් කිරීම හරහා සංචලනය හා ව්‍යාපාර වර්ධනයට සහය වීම වෙනුවෙන් වූ ඒකාබද්ධ කැපවීමක් මතයි. ගිවිසුමේ නියමයන්ට අනුව, සතොස මෝටර්ස් සමාගම ඉසුසු ට්‍රක් රථ සඳහා රුපියල් 50,000 ක වට්ටමක් හා ඉසුසු කැබ් රථ සඳහා රුපියල් 100,000 ක වට්ටමක් මෙන්ම ශ්‍රමය සහ ද්‍රව්‍යමය වියදම් යන දෙකම ආවරණය වන පරිදි නොමිලේ ලබාදෙන සේවා තුනක් ද පිරිනමයි.
දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකුවේ පුළුල් ශාඛා ජාලය හරහා ලබා ගත හැකි පරිදි සකසන ලද ලීසිං පැකේජ සමඟින් මෙම වැඩසටහනට සහය දක්වන බව බැංකුව පවසයි. මෙම පැකේජයන් තරඟකාරී පොලී අනුපාතවලින් සමන්විත වන අතර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මුදල් ප්‍රවාහයන්ට ගැලපෙන පරිදි ආපසු ගෙවීම් ක්‍රම ව්‍යුහගත කිරීමට ඉඩ සලසා දෙනු ඇත. බැංකුව පැවසුවේ මෙම ක්‍රමය ව්‍යාපාර හා තනි ගැනුම්කරුවන් යන දෙපාර්ශවයට ඉල්ලුම් කළ හැකි පරිදි සැලසුම් කර ඇති නම්‍යශීලී ප්‍රවේශයක් බවයි.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා, සතොස මෝටර්ස් පීඑල්සී, විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂ ඩර්ක් ජෝෂුවා මහතා සමඟ ආයතන දෙකෙහි නියෝජිතයන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගැනීමේ අවස්ථාව