ඇප රහිත ව්‍යාපාර ණය සමඟ නැගී එන නව ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා NDB ජාතික ණය සුරැකුම් ආයතනය සහ  Hatch සමඟ හවුල්වේ

Spread the love

ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) සහ හච් වර්ක්ස් සමඟ සහයෝගයෙන් යුතුව NDB බැංකුව, පසුගියදා කොළඹ හච් නවෝත්පාදන මධ්‍යස්ථානයේදී  ශ‍්‍රී ලාංකික නැඟී එන ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී සැසියක් සංවිධානය කරන ලදී. මෙම සැසිය හරහා ශ‍්‍රී ලංකාවේ නැඟී එන නව ව්‍යාපාර සඳහා ජාතික ණය සුරැකුම්පත් ආයතනය විසින් සපයනු ලබන ණය පහසුකම් වල ඇති ප‍්‍රතිලාභ පිළිබඳව එම තරුණ ව්‍යවසායකයින් දැනුවත් කරන ලදී. මෙම මුලපිරීම, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික අංශවල නැගී එන ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප‍්‍රවේශය පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය.

මෙම සැසියට කෘෂිකර්මාන්ත, නිෂ්පාදන, ඩිජිටල් විසඳුම් සහ අනෙකුත් සේවා ඇතුළු විවිධ කර්මාන්ත ආවරණය වන පරිදි නැඟී එන නව ව්‍යාපාර 40 කට අධික සංඛ්‍යාවක් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ද (SME) සහභාගී විය. මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වූයේ සාම්ප‍්‍රදායික ඇපකරයක් නොමැතිව ව්‍යවසායකයින්ට ව්‍යාපාර ණය ලබා ගැනීමට හැකි වන බලගැන්වීමේ පහසුකමක් වන ජාතික ණය සුරැකුම් යාන්ත‍්‍රණය පිළිබඳ එම ව්‍යවසායකයින් සඳහා අවබෝධයක් ලබාදීමයි. ව්‍යාපාරයකට NCGI ආයතනයේ ඇපකර සහාය ලැබුණු පසු, එම ඇපකරයම ණය පහසුකම සඳහා ආරක්ෂාවක් ලෙස තබමින්, නව ව්‍යාපාර සඳහා මූල්‍ය ප‍්‍රවේශය ලබාදෙයි.

මෙම සැසියේදී NDB බැංකුව නියෝජනය කරමින් ව්‍යාපාර බැංකුකරණ අංශයේ ප‍්‍රධාන කළමනාකරු සහ කලාප ප‍්‍රධානී නිලේන්ද‍්‍ර විතානගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප‍්‍රතිමූල්‍යකරණ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුදේශ් ප‍්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ. ජාතික ණය සුරැකුම් ආයතනය නියෝජනය කරමින් එහි ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ප‍්‍රනාන්දු මහතා සහ ණය සුරැකුම් පරිපාලන ප‍්‍රධානී හිමන්සු වික‍්‍රමසිංහ මහතා සහභාගී වූහ. හච් ආයතනය නියෝජනය කරමින් එහි ප‍්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා සහභාගී විය.

සියළු දෙනාට ප‍්‍රවේශ විය හැකි මූල්‍ය සහකරුවකු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගැන්වීමේ පුරෝගාමියෙකු ලෙස, NDB බැංකුව ඔවුන්ගේ වර්ධන ගමන් මෙඟ් සෑම අදියරකදීම ව්‍යවසායකයින්ට සහාය වීමට කැපවී සිටී. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වැනි වේගයෙන් වර්ධනය වන නවෝත්පාදනයන් ප‍්‍රමුඛ අංශවල නිරත නැඟී එන නව ව්‍යාපාරවල අභියෝගවලට මුහුණදීම වෙනුවෙන්ම සකස් කරන ලද මූල්‍ය විසඳුම් ද ලබා දෙයි. NCGI ආයතනය සහ හච් වැනි ඉදිරි චින්තන දැක්මක් සහිත ආයතනවල සහාය ඇතිව, රටේ ආර්ථිකයේ අනාගතය හැඩගැස්වීමට සූදානම් වන ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව සිය සේවාවන් පුළුල් කරමින් සිටී.

මෙම සුවිශේෂී මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ නිලේන්ද‍්‍ර විතානගේ මහතා මෙසේ පැවසීය, ‘NCGI ආයතනය සහ හච් ආයතනය සමඟ ගොඩනඟාගත් මෙම හවුල්කාරිත්වය ශ‍්‍රී ලංකාවේ නැඟී එන ව්‍යාපාරවල ඇති හැකියාවන් පිළිබඳ අපගේ  විශ්වාසය පිළිබිඹු කරයි. බොහෝ නව ව්‍යාපාර සඳහා, විශේෂයෙන් සාම්ප‍්‍රදායික වත්කම් හෝ ඇපකර නොමැතිව මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ඇති ප‍්‍රවේශය ප‍්‍රධාන බාධකයක් බව අපි අවබෝධ කරගත්තෙමු. NCGI ඇපකරය මෙම තත්වය පරිවර්තනය කරන අතර, එම ව්‍යාපාර වලට අවැසි මූල්‍ය පහසුකම් සඳහා ප‍්‍රවේශ වීමට ඉඩ සැලසීමට හැකිවීම පිළිබඳ අපි ආඩම්බර වෙමු.’

NDB බැංකුව, NCGI ආයතනය සහ හච් ආයතනය ඇති කරගත් මෙම සහයෝගීතාවය ඉදිරි මාසවලදී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, දිවයින පුරා ව්‍යවසායක ප‍්‍රජාවන්ට තවදුරටත් දැනුම බෙදා ගැනීමේ සැසි සහ මූල්‍ය ප‍්‍රවේශ්‍යතා වැඩසටහන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම ආයතන එක්ව, නවෝත්පාදනයන්ට සහාය වන සහ මූල්‍ය විසඳුම් වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි, ආරක්ෂිත සහ තිරසාර වන සියලූ දෙනාම ඇතුළත් පරිසර පද්ධතියක් ගොඩනඟමින් සිටී.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *