
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය (Hector Kobbekaduwa Agrarian Research and Training Institute – HARTI) 1972 අංක 05 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කරන ලද කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධිත ව්‍යවස්ථාපිත ආයතනයකි. ගොවිකටයුතු සහ ග්‍රාමීය සංවර්ධනයට අදාළ සමාජ – ආර්ථික පර්යේෂණ සිදුකිරීම සහ එම පර්යේෂණයන්හි සොයා ගැනීම්, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම පිණිස ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත යොමු කිරීම ආයතනයේ ප්‍රධාන කාර්යභාරයකි.
සමාජ ආර්ථික හා ග්‍රාමීය සංවර්ධනයේ කෘෂිකාර්මික පැතිකඩ පිළිබඳ විමර්ශනය කිරීමට බලය පැවරී ඇති එකම ආයතනය ද අප ආයතනය වේ. වසර 52ක ඉතිහාසය පුරා රාජ්‍ය සහ පුද්ගලික අංශ, පර්යේෂකයන් සහ පොදු ජනතාව වෙනුවෙන් උසස් තත්ත්වයේ දත්ත හා තොරතුරු ලබා දීමේ වැදගත් කාර්යභාරයක් අප ආයතනය විසින් ඉටු කර ඇත. වැඩමුළු සංවිධානය කිරීම තුළින් සියලුම පාර්ශ්වකරුවන්ට පර්යේෂණවල සොයා ගැනීම් හුවමාරු කිරීම සඳහා පහසුකම් සැපයීම අනෙකුත් ක්‍රියාකාරකම් අතර වේ. එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව සංවිධානය කෙරෙන පුහුණු වැඩසටහන් තුළින් ආකල්ප සංවර්ධනය, ගොවීන්, නිලධාරීන් ඇතුළු අනෙකුත් පාර්ශ්වයන්ගේ කුසලතා සහ දැනුවත්භාවය ඉහළ නැංවීම අප ආයතනයෙන් ඉටු කෙරෙන තවත් වැදගත් කාර්යභාරයන් වේ.
දැක්ම
· තිරසාර ගොවිජන හා ග්‍රාමීය සංවර්ධනය සඳහා දැනුම ජනනය කර බෙදා හැරීමේ ප්‍රමුඛයා වීම.
මෙහෙවර
· පර්යේෂණ හා පුහුණු කිරීම් තුළින් ගොවිජන හා ග්‍රාමීය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම.
ඉලක්ක
· දැනුම උත්පාදනය කිරීම සහ කාලෝචිත ලෙස ව්‍යාප්ත කිරීම තුළින් ප්‍රතිපත්ති ක්‍රියාවලිය වඩාත් ඵලදායී බවට පත් කිරීම.
· ජාතික ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධයෙන් ස්වාධීන තක්සේරුවක් ලබා දීමෙන් මහජනතාව දැනුවත් කිරීම.
· ආයතනයේ කාර්ය මණ්ඩලය සහ ආයතනයේ දැනුමේ පදනම සඳහා ආයෝජනය කිරීම මගින් සමාජ-ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය සඳහා ඇති හැකියාව ශක්තිමත් කිරීම.
· පුහුණුව තුළින් ග්‍රාම සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ ධාරිතාව වැඩි කිරීම.
අරමුණු
· ප්‍රතිපත්ති සම්පාදකයින්, ගොවීන් සහ වෙළඳුන් වෙත වෙළඳපොළ තොරතුරු කාලෝචිත ලෙස බෙදා හැරීම.
· ගොවිජන ප්‍රතිපත්ති ඉදිරි දර්ශන හඳුනාගැනීම.
· කෘෂිකාර්මික ගැටලු සම්බන්ධයෙන් පර්යේෂණ සැලසුම් කිරීම හා ප්‍රමුඛතා සැකසීම.
· රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංවිධාන, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර සහ කලාපීය පර්යේෂණායතන / නියෝජිතායතන සමඟ සබඳතා ගොඩනඟා ගැනීම
· කැප වූ, දක්ෂ හා තෘප්තිමත් සේවක කණ්ඩායමක් සම්බන්ධ කර ගැනීම
උපාය මාර්ග
· පර්යේෂණ හා පුහුණු කමිටුව (Research and Training Committee – RTC) ශක්තිමත් කිරීම.
· තේමාත්මක ක්ෂේත්‍ර පිළිබඳ එකඟත්වය ලබා ගැනීම.
· විවිධ වර්ගයේ ප්‍රකාශනවල ඒකාකාරිත්වය සහතික කිරීම.
· පර්යේෂණ යෝජනාවක් සකස් කිරීමේ දී සාහිත්‍ය සමාලෝචනය වැඩි දියුණු කිරීම.
· ප්‍රකාශයට පත් කිරීමට පෙර සියලු ම පර්යේෂණ වාර්තා සම-සමාලෝචනයෙන් පසු බාහිර සමාලෝචනයක් වෙත යොමු කිරීම.
· ආයතන සඟරාවේ සෑම කලාපයක ම වගකීම අදාළ අංශයට පැවරීම.
· වෘත්තීය සංස්කාරකවරුන්ගේ සේවාවන් සුරක්ෂිත කිරීම සඳහා අනුශාසකවරුන්ගේ සහාය ලබා ගැනීම.
· සිංහල සහ දමිළ භාෂාවෙන් පර්යේෂණ ප්‍රකාශයට පත් කිරීම් වැඩි කිරීම.
· ජ්‍යෙෂ්ඨ මට්ටමේ පර්යේෂකයන් බඳවා ගැනීම.
· එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හරහා විදේශීය පර්යේෂකයන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව සොයා බැලීම.
· විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම.
· වසර අවසානයේදී පර්යේෂණ සොයා ගැනීම් තුළින් ලබා ගත් දැනුම බෙදා හැරීම සඳහා ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් පැවැත්වීම.
· කාර්ය සාධනය මත පදනම් වූ මැනිය හැකි ඇගයීම් පද්ධතියක් හඳුන්වා දීම.
· ධාරිතාවයන් හා පහසුකම් වැඩි දියුණු කිරීම.
· මුද්‍රිත ප්‍රකාශනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම
මූල්‍ය අනුග්‍රහය
මෙම මුලපිරීම ඩෙව්ප්‍රෝ (DevPro) විසින් ක්‍රියාත්මක කරන ලද “ශ්‍රී ලංකාවේ ඔරොත්තු දෙන සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් ව්‍යවසාය පද්ධති (RIES)” ව්‍යාපෘතියේ කොටසකි. ඩෙව්ප්‍රෝ, ඔක්ස්ෆෑම් ඔස්ට්‍රේලියා (Oxfam Australia) හි වටිනා හවුල්කරුවෙකු වන අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ඕස්ට්‍රේලියානු NGO සහයෝගිතා වැඩසටහන (ANCP) යටතේ වාර්ෂිකව නම්‍යශීලී අරමුදල් ලබා ගනී.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය, අංක 114, විජේරාම මාවත, කොළඹ 07. Tel: 0112 698 539
මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත ලිපිවල වගකීම අදාළ ලේඛකයින් සහ වාර්තාකරුවන් සතු වන අතර ඒවා තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ හෝ DevPro අදහස් පිළිඹිබු නොවේ.